සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් අද (07) තහවුරු කළේය.
කොළඹ 15 පදිංචි 61 හැවිරිදි කාන්තාවක්, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්, පමුණුගම ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක්, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.
මේ මරණ 05ත් සමග ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 356 තෙක් ඉහළ ගියේය.
එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 772ක් වාර්තා විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 65000 ඉක්මවා ගොස් ඇත. අද වනවිට වාර්තා වූ මුලු ආසාදිතයන් ගණන 65347කි.
මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.












