2019 වසරට සාපේක්ෂව 2020 වර්ෂයේ දී අලි මරණ සියයට 50 න් හා දේපළ හානි සියයට 125න් ඉහළ ගොස් ඇති බව ගල්ගමුව වනජීවී කාර්යාලය පවසයි.
2019 වසරේ ගල්ගමුව වනජීවී කලාපයේ මිනිස් මරණ 2ක් හා වල් අලි මරණ 4ක් වාර්තා වී ඇති අතර 2020 වසරේදී මිනිස් මරණ 4ක් හා අලි මරණ 9ක් වාර්තා වී තිබේ .මෙම අලි මරණ 9ම වාර්තා වන්නේ වෙඩි වැදීම්, හක්ක පටස් ගිල දැමීම්, හා විදුලි සැර වැදීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.
2019 වර්ෂයේ මෙම කලාපයේ දේපළ හානි සංඛ්‍යාව 59ක් වන අතර , 2020 වර්ෂයේ දී එය 133 දක්වා ඉහළ ගොස් තිබේ.
ගල්ගමුව වනජීවී කලාපයට ගල්ගමුව ,අඹන්පොල ,ඇහැටුවැව ,මහව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත්වන අතර 2020 දී සිදුව ඇති මිනිස් මරණ 4 ම වාර්තා වන්නේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වීම විශේෂත්වයකි .
2020 වසරේ පළමු මිනිස් මරණය ජූලි 8 වෙනි දින ගල්ගමුව පාළුව යාය5 ප්‍රදේශයෙනුත්, සැප්තැම්බර් 27 දින ගල්ගමුව දේවගිරිය ප්‍රදේශයෙන් ඊළඟ මරණ 2ත් , නොවැම්බර් 12 දින ගල්ගමුව නාහෙට්ටිකුලම ප්‍රදේශයෙන් සිව්වැනි මරණය ත් වාර්තා වී තිබේ.









