නතාෂා නෙත්මිණි –
දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනය කිරීමේ විශේෂ වැඩ සටහනක් ආරම්භ කිරීමට රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ තීරණය කරයි.
දැනට ක්‍රියාත්මකව වතින වැඩිහිටි නිවාස ගණන 11935ක් වන අතර ඉන් රජය සතුව පවතින්නේ නිවාස 2ක් පමණක් යැයි පෙන්වා දෙන අමාත්‍යවරිය බොහෝ වැඩිහිටි නිවාස ගුණාත්මකභාවයෙන් තොර යැයි පෙන්වාදේ.
මේ අනුව වැඩිහිටි පනතේ යම් යම් සංශෝධනයන් ඇති කිරීමට අදහස් කරන බවද ඇමතිවරිය පවසයි.
තම ජීවිතයේ ශ්‍රමය කාලය, දහඩිය කදුළු හා මුදල් වැය කරමින් පරම්පාරව සකස් කළ වැඩිහිටියන් ආදරය හා රැකවරණය ලබා දෙමින් පවුල තුළම සංරක්ෂණය කිරීම කාගේත් වගකීමක් යැයි ඇය පෙන්වා දේ.
වැඩිහිටියන්ගේ රෝගාධාර ක්‍රමය කඩිනම් කිරීම, වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීම, හා වැඩිහිටි ආධාර ලබා දීම කඩිනම සම්බන්ධයෙන් ඇමතිවරිය දැඩි අවදානය යොමු කරයි.