බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

ගොල්ෆ් පිටියේ පැටවා බිහි කළ මුහුදු සිංහ මවට ආහාර ගන්න පාර පනින්න වෙලා

by Lanka Sara Editor
ජනවාරි 16, 2021
in පරිසරය, පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

සේමාලී කැල්ලපත නවසීලන්තයේ සිට..
ඩන්ඊඩ්න් නවසීලන්තයේ දකුණු දූපතේ දෙවැනිතම විශාල නගරයයි. කෝවිඩ් වසංගතය පැතිරෙන්නට පෙර හැම රටකින්ම වගේ සංචාරකයන් මේ නගරයට ආවේ මුහුදු තීර අරක්ගත් වනසතුන් විශේෂ කීපයක් දැකගන්නත් එක්කයි. ඩන්ඊඩ්න් හි විශේෂත්වය වෙන්නේ නගරයට ඉතා ආසන්නයෙන් ලොම් සහිත සීල් සත්ත්වයින්, මුහුදු සිංහයන් හා පෙන්ගුවින් පක්ෂීන් විශාල වශයෙන් දැක ගැනීමට හැකිවීමයි. මේ හැම සතකුම වඳ වීමේ තර්ජනයට ලක්වෙලා නිසා උන් රැක ගන්න මහා පරිමාණ වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා විතරක් නොවෙයි ජනතාව ඒවාට උපරිම සහයෝගයත් ලබා දෙනවා. ඩන්ඊඩ්න්වල තවත් වැදගත් දෙයක් තමයි ශරීර ප්‍රමාණයෙන් විශාල ඇල්බර්ට්රොස් නමැති මුහුදු ලිහිණි විශේෂයකගේ ගොඩබිමක පිහිටි එකම ලිහිණි කොළනිය මේ ආසන්නයේ පිහිටා තිබීම. එයත් ලෝකෙටම මෙතැන පමණයි. ස්වභාවික වනාන්තර හා වනසතුන් නිසා ඩන්ඊඩ්න් හැඳින්වෙන්නේ නවසීලන්තයේ වනසත්ව අගනගරය ලෙසයි. වෙරළබඩ භූමිය, හුදෙකලා වෙරළතීර, පඳුරු ගහන කුඩා කඳුවැටි මෙහි සත්ත්ව සංහතියට අපූරු නිවහනක් සපයනවා.
ඩන්ඊඩ්න් ගැන මං මෙච්චර විස්තර කළේ පසුගිය සතියේ මේ නගරය ආශ්‍රිතව වූ අපූරු සිදුවීමක් ගැන කීමටයි.
ඩන්ඊඩ්න් සිට විනාඩි පහක පමණ දුරකින් පිහිටි චිෂොල්ම් ලින්ක්ස් ගොල්ෆ් පිට්ටනිය තියෙන්නේ මුහුදු වෙරළට මුහුණ පාලා. ඒ පළාත හරිම ලස්සනයි. වටේට ගහකොළ හා පඳුරු. මේ ගොල්ෆ් පිට්ටනිය ගොල්ෆ් සිදුරු 18ක් තියෙන මහා විශාල එකක්. ඩන්ඊඩ්න් වෙරළ තීරය අරක්ගත් මුහුදු සිංහ ගැහැනු සතෙක් තමන්ගේ පැටවා බිහිකරන්න තෝරාගත්තේ මේ පිට්ටනියේ 13වැනි සිදුර ළඟම තැනක්. පහුගිය සතියේ ගොල්ෆ් පිට්ටනියෙ සෙල්ලම් කරන්න ගිය හැමටම මේ මුහුදු සිංහ ගැහැනු සතා 13වැනි සිදුර ආසන්නයේ ලැගගෙන ඉන්නවා දකින්න ලැබුණා. කිලෝ ග්‍රෑම් 150ක පමණ බර දැවැන්ත මස් පර්වත බඳු මේ සතා ගොල්ෆ් පිට්ටනිය මැද්දෙ වැතිර සිටින අන්දම කාටත් කුතුහලයක් වුණත් කවුරුත් එයාගෙ නිදහසට බාධා කරන්න එතැනට එබෙන්න ගියේ නෑ.

පාර වසා ඇති ආකාරය

මුහුදු වෙරළේ සිට ගොල්ෆ් පිට්ටනියට එන්න තියෙන ජෝන් විල්සන් ඩ්‍රයිව් මාවත ඉතා ජනාකීර්ණයි. පිට්ටනිය හා වෙරළ වෙන් වෙන්නේ මේ මාවතෙන්. මුහුදු සිංහ ගැහැනු සතා පැටවා ලබන්න මේ මාවත හරහා ඇවිදින් ගොල්ෆ් පිට්ටනියම තෝරාගෙන.
නවසීලන්ත ජනතාව දැඩිව පරිසරයට ඇලුම්කරනවා. මේ මුහුදු සිංහයා ඉන්නවා දැකපු අය ඉන්පස්සේ ඒ සිදුර ආසන්නයට නොගියේ එතැන සිද්දවෙන්නේ මොකද්ද කියා දන්නා නිසයි.
වැඩි දිනක් ගතවුණේ නැහැ. ඒ සිදුර ආසන්නයේ පිට්ටනිය අයිනේ පඳුරු ගොන්නක් අතරින් පුංචි බලු පැටවෙක් කෑගහනව වගේ හඬක් ඇහෙද්දි හැමෝම එතෙක් බලා සිටි දේ සිද්දවෙලා කියා දැන ගත්තා. පැටියා ලැබිලා. පැටියා මෙලොවට බිහිවූ වෙලාවේ ඉඳන් ලවක් දෙවක් නැතිව කෑ ගහනවා. කොහොමහරි පසුව මුහුදු සිංහ ගැහැනු සතා තමන්ගේ පැටියා ඒ ළඟම තියෙන පඳුරක් යටට ගෙනිහින් තියෙන්නේ එළිමහනෙන් වහං කරගන්න.
පැටියා ලැබුණාට පස්සේ මුහුදු සිංහ ගැහැනු සතුන් කරන්නේ පැටවා ඉන්න තැනම තබා ආහාර සොයා මුහුදු වෙරළට යෑමයි. ඉතින් මේ සතාත් නිතර ආහාර සොයා ළඟම තියෙන ශාන්ත ක්ලෙයාර් වෙරළට යන්නේ අර ජනාකීර්ණ ජෝන් විල්සන් ඩ්‍රයිව් මාවත හරහායි. මේනිසා පසුගිය දිනක ඩනෙඩින් නගර සභාව, මුහුදු සිංහ ගැහැනු සතා පැටියාත් සමඟ ආපසු මුහුදට යනතුරු ඇය නිතර පාර මාරුවන පෙරකී මාවතේ කොටසක් තාවකාලිකව වසා දමන්න තීරණය කළා. ඒ මාසයක පමණ කාලයක් සඳහායි.
නවසීලන්තයේ දැන් ගතවෙන්නේ ගිම්හානය. මේ කාලයට වනජීවීන්ට ආරක්ෂිතව මාර්ග හරහා යෑමට නිතරම මාර්ග වසා දැමීම වෙනවා. එහෙත් ඒ, දිනකට හෝ දෙකකට විතරයි. මාසයක්ම මෙතරම් ජනාකීර්ණ මාවතක් වසා දැමීමට හේතුවුණේ මුහුදු සිංහ ගැහැනු සතා පැටවා ලැබීමට මේ ගොල්ෆ් ක්‍රීඩාංගනය තෝරා ගැනීම නිසයි. ඩන්ඊඩ්න් තියෙන්නේ වරායක් ආසන්නයේ. ජනගහනය සාමාන්‍යයෙන් ලක්ෂයකට වැඩියි. මාවත වසා දැමීම ගැන ප්‍රදේශවාසීන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඒ ගැන ප්‍රසංසා කරනවා. දැන් බොහෝ දෙනෙක් නගර සභාවෙන් ඉල්ලන්නේ අවදානමට ලක්විය හැකි වන සතුන් ආරක්ෂා කිරීමට ස්ථිරව කටයුතු කරන ලෙසයි.
මේ කතා කරන මුහුදු සිංහ වර්ගය නවසීලන්තයට ආවේණිකයි. ඒ වගේම උන් අවදානමට ලක්වූ සත්ව කොටසක්. දැනට ඉතිරිව ඉන්නේ 12000කට අඩු සංඛ්‍යාවක්. උන්ගේ බෝවීමත් ඉතා වේගයෙන් අඩුවෙමින් යන බව කියනවා. කෝවිඩ් එන්න පෙර ඩන්ඊඩ්න් වෙරළ තීරවල නිදහසේ අව්ව තපින මුහුදු සිංහයන්ට සංචාරකයන්ගෙන් හරියට බාධා එල්ල වුණා. සංචාරකයන් උන්ට කිට්ටුවී සෙල්ෆි ගහන්න හා ජායාරූප ගන්න යෑම නිසයි.
ජනාකීර්ණ මාවතක් මාසයක් වසා දමන්න මුල්වුණු මුහුදු සිංහ ගැහැනු සතා ඔටාගෝ ප්‍රදේශයේ වනජීවි නිලධාරීන්ට නම් අමුත්තියක් නොවෙයි. ඔවුන් ඇය නම්කර තියෙන්නේ හිරිවායි ලෙසයි. හිරිවායි මෙවර උපත දුන්නේ ඇගේ පස්වැනි පැටවාට. හැබැයි ඇය තමන්ගේ තිඹිරි ගෙය ලෙස ගොල්ෆ් පිටිය තෝරාගත්තේ පළමු වතාවටයි.

ගිම්හානයේදී මේ විදිහට පැටව් දමන්න සාමාන්‍යයෙන් මුහුදු සිංහ ගැහැනු සතුන් 20ක් විතර එනවා. උන්ගෙන් අඩුම වශයෙන් මේ වාරයේදී පැටවුන් 20ක් වත් ලැබේවියැයි වනජීවි නිලධාරීන්‌ විශ්වාස කළත් ඒත් තාම දකින්න ලැබිලා තියෙන්නේ ගැහැනු සතුන් 10ක් විතරයි.
“ හිරිවායි පැටියා දමන්න ගොල්ෆ් පිට්ටනියට එන්න ඇත්තේ ඒ වටේ තියෙන පඳුරු ආවරණය නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් මං ඇගේ වැදෑමහ සොයාගෙන වළලා දැමුවා. ඒ නිසා හිරිවායිට බල්ලන්ගෙන් කරදර වෙන එකක් නැහැ. දැන් මෙයා කෑම හොයාගෙන වෙරළට යන්න පටන් අරන්. ගොල්ෆ් ක්‍රීඩාකරන අය හිරිවායි ඉන්න බව මතක තබාගෙන ක්‍රීඩාවේ යෙදෙනතාක් කල් ඇය නිදහසේ මෙතැන හිඳීවි. මට තියෙන බය බල්ලන් ඇවිද්දවන්න එන අය ගැනයි. මේ පඳුරක් අස්සේ මුහුදු සිංහ පැටියෙක් ඉඳියි කියා බල්ලො දන්නේ නැහැනේ ” හිරිවායි ගැන අවධානයෙන් පසුවන වනජීවි නිලධාරී ජිම් ෆයිෆ් පවසනවා.

මුහුදු සිංහ ධේනුව පැටවා සමඟ

කැමති කෙනකුට එතැනට පයින් හෝ පාපැදියෙන් පැමිණ උන්ව බලන්න පුළුවන්. නමුත්, අඩුම වශයෙන් මීටර් 20ක් විතර ඈත සිටයි. මුහුදු සිංහ ගෑනු සතුන් පැටවුන් දැමූ පසු පිරිමි සතුන්ගෙන් ඈත්වයි ඉන්නේ. උන් ඒ ගැන දැන සිටියත් බල්ලන් මිනිසුන් හා වාහන ගැන උන්ගේ තැකීමක් නැතිතරම්ය.
ඩන්ඊඩ්න් නගර බලධාරීන් මුහුදු සිංහයන් සංරක්ෂණය ආරම්භ කිරීමත් සමඟ උන්ගේ ප්‍රජනන කාලය ගිම්හාන මාස බවට පත්වෙලා. නගරයේදී උපත ලැබූ ගැහැනු පැටවුන් පසුව උන්ගේ පැටවුන් වැදීමට මේ නගරයට නැවත නැවතත් පැමිණීම පුදුමයක්. බොහෝවිට උන් පැටවු දාන්නේ තණබිම්, ගොවිපොළ මඩු සහ මහා මාර්ග අයින්වලයි.
තරුණ වයසේ පිරිමි සතුන් ගැහැනු සතුන් දිනා ගැනීමට දැඩි සටන්වල යෙදෙනවා. නොවැම්බර් අග වෙද්දී ඕක්ලන්ඩ් දූපත් වෙරළ තීර මුහුදු සිංහයන් අරක් ගන්නවා. ඒ කාලයට වෙරළ තනිකරම අන්තපුරයක් . ගැහැනු සතුන් 25ක් විතර තනි බලවත් එක් පිරිමි සතෙක් වට කරගෙන. මේ පිරිමි සතා නිතරම තම සීමාව රැකගැනීමට සටන් වදිනවා. ගැහැනු සතුන් ගැබ් ගත්පසු පැටියා බිහි කිරීමට දින කීපයකට පෙර උන්ගේ සුපුරුදු තැනට යනවා.
ඩන්ඊඩ්න්වලට මුල්වරට මුහුදු සිංහයකු පැමිණ ඇත්තේ 1993 අවුරුද්දේයි. ඒත් ගැහැනු සතෙක්. ඉන්පෙර මේ පළාතට පැටවුන් ලෑමට මුහුදු සිංහයන් පැමිණ සිටියේ නෑ. මේ පැමිණි ගැහැනු සතා ඉපදී තිබුණේ ඔක්ලන්ඩ් දූපතේයි. එතැන් පටන් ඇගෙන් පැවතඑන පැටවුන් 32ක් ඔටාගෝ ප්‍රදේශයේදී උපත ලැබුවා. ඇය කුමන හේතුවකට මේ ප්‍රදේශයට පැමිණියාදැයි කවුරුත් දන්නේ නැතිවුණත් ඇගෙන් ඇරඹුණු ඩන්ඊඩ්න් මුහුදු සිංහ පරම්පරාව තවමත් ගැබ්බර සමයේ පැටවුන් වැදීමට එන්නේ ඩන්ඊඩ්න්වලටයි. ඒ කියන්නේ දැන් මේ එන්නේ අර පෙර කියූ ඇත්තියගේ දියණියන්, මිනිබිරියන් හා මී මිනිබිරියන්. හිරිවායි ත් එදා පැමිණි ගැහැනු සතාගේ මී මිනිබිරියක්. එලෙස නිතර පැමිණෙන මුහුදු සිංහයන්ට නමක් තැබීම කාගේත් පුරුද්දක් වෙලා. ඩනෙඩින් ජනතාව දැන් කල්පනා කරන්නේ හිරිවායි ගේ පැටියාට තබන නම ගැනයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

Next Post

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.