බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

- මලිත් පෙරේරා 

by editor
ජනවාරි 9, 2021
in වින්දන
Share on FacebookShare on Twitter

තිළිණි කෞශල්‍යා විජේසිංහ –

  • ඒක ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම මගේ ඔළුවට ගහපු දෙයක්.
  • ඒ කාලේ මට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ නිසයි ඔස්ට්‍රේලියාවට ආවේ
  • මම ගත යුතු තීරණ හරිම වෙලාවේ ගත්තා. ඒ තීරණවල හරිම ප්‍රතිඵල අද මට ලැබිලා තියෙනවා.

රියැලිටි ගායන වැඩසටහනකින් හා හා පුරා කියලා කරළියට ආ කණ්ඩායම අතර හිටපු දක්ෂයෙක් තමයි මලිත් පෙරේරා. සිරස සුපර් ස්ටාර් තරගයෙන් පස්සෙ අපූරු ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කළ මලිත් හිටි හැටියේ විදෙස්ගත වුණා. දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මලිත් කාලෙකට පස්සෙ ගීත නිර්මාණ කිහිපයක් රසිකයන්ට දෙමින් අප හා කතා බහකට එකතු වුණේ මේ විදිහට.

@ කොහොමද මලිත් ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතේ?

හොඳින් ඉන්නවා. අපි ඉන්නේ වසංත තත්ත්වයක වුණාට ඕස්ට්‍රේලියාවේ ඒ තත්ත්වය සාර්ථකව මේ රටේ පාලනය කර තියෙනවා. වයිරසය ව්‍යාප්ත වන කාලෙදිත් අපේ ව්‍යාපාර කටයුතුවලට ඕස්ට්‍රේලියානු රජයෙන් සලසා දුන් සහන නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. වැඩකටයුතු ඔන්ලයින් කරන අතරේ මගේ සංගීත කටයුතු වලටත් කාලය වෙන් කරන්න ලැබුණා.


@ කාලෙකට පස්සෙ ගීත දෙකක්ම රසිකයන් අතරට ගෙනාවේ ඒ ලැබුණු විවේකය අතර වෙන්න ඇති ?

ඔව්. අවුරුදු දෙකකට පස්සෙ ‘වින්දනය‘ සහ ‘මේ ඉවුරේ‘යන ගීත දෙක රිලීස් කළා. මේ දවස්වල තවත් ගීත දෙකක් පටිගත කරමින් යනවා. ඒ ගීත ජනවාරි මාසෙ වගේ අහන්න ලැබෙයි. මගේ ගීත ඇල්බමයෙත් වැඩ කටයුතු  කරගෙන යනවා. මේ සියල්ල අන්තර්ජාලය හරහා මගේම අයිතිය යටතේ තමයි තමයි මුදා හරින්නෙ.

 

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

@ අලුත් නිර්මාණ රසිකයන් වැලද ගත්තද ?

මම හිතපු තරම් ඒ ගීත ජනතාව අතරට ගියෙ නැහැ. ඒ ගැන කනගාටුවක් නැහැ. මම හිතනවා දිගින් දිගටම ගීත නිර්මාණ කරද්දි ඒ ගීත රසිකයන් අතරට යයි කියලා

.@ මලිත්ගේ ගීත ලංකාවේ නාලිකාවලට දෙන්න අදහසක් නැද්ද?

දැනට එහෙම අදහසක් නැහැ. දැන් නාලිකා කලාකරුවන්ට කර්තෘ භාගය ගෙවන විදිහ එක්ක ගීත අන්තර්ජාලයෙන් මුදා හැරීමයි හොඳ. මට රසිකයන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. කලාකරුවෙක් යම් නිර්මාණයක් කරන්නේ ලොකු වියදමක් දරලා. ඒ නිසා නීත්‍යානුකූල නොවන විදිහට ගීත ඩවුන්ලෝඩ් නොකර කලාකරුවන්ට අයිතියක් වටිනාකමක් දෙන මාධ්‍ය වෙත යොමු වෙලා ගීත රසවිඳින්න.

@ අපි ඔබව හඳුනන්නේ ගායකයෙක් විදිහට. නමුත් ඔබ දැන් වෙනත් වෘත්තියකයි නියැළෙන්නේ ?

මම වරලත් ගණකාධිකාරිවරයෙක්. ඒක මගේ වෘත්තිය. දැන් මේ දෙකම සමබර කරගෙන යනවා. මම එක දෙයකට රාමු වෙන්න කැමැති නැහැ. මගේ වෘත්තියෙන් මට අවශ්‍ය තැන්වලට ළඟා වෙන්න හැකියාව ලැබුණා. මම ගත යුතු තීරණ හරිම වෙලාවේ ගත්තා. ඒ තීරණවල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගි‍යත් හරිම ප්‍රතිඵල මට ලැබිලා තියෙනවා. මම සංගීතයටත් ආදරෙයි. සංගීතය මගේ විනෝදාංශයක් වුණත් එය වෘත්තීයමය මට්ටමින් කරන්නයි මම උත්සාහ කරන්නෙ. දැන් මට කාලය වගේම ආර්ථික ශක්තිය තියෙනවා නිර්මාණ කරන්න.

@ ජනප්‍රියත්වයේ හිනි පෙත්තෙම හිටපු කාලේක ලංකාවෙන් යන්න තීරණය කළේ ඇයි?

ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. මගේ ගීත රසවිඳපු රසික පිරිස ගැන මට විශ්වාසයක් තිබුණා. කාලෙකට පස්සෙ ගීතයක් කළත් එය රසිකයෝ වැළඳ ගනියි කියලා. ඒ ලැබුණු ජනප්‍රියත්ව නිසා මගේ ගමන නවත්ත ගන්නෙ නැතිව ලෝකයේ වෙන දේවල් දැනගන්න මට ඕන වුණා. උසස් පෙළ කරලා, සුපර් ස්ටාර් තරගයත් ඉවර වුණාට පස්සේ මම ඕස්ට්‍රේලියාවට එන්න ඕනේ කියලා හිතුවා. මම ඒ වෙනකොට මගේ අනාගතයට ආයෝජනය වෙනුවෙන් යම් මුදලක් හොයාගෙන තිබුණේ.  මට ඒ කාලේ ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඉතිං මට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඕනකම තිබ්බා. ඒකයි විදේශ රටකට එන්න ඕනේ කියලා හිතුවේ.  2008 දී මම ඕස්ට්‍රේලියාවට ආවා. දැන් සතුටින් මෙහෙ ජීවත් වෙනවා.

@ ඔය කිව්වට මලිත්ට ඕස්ට්‍රේලියාවට යන්න තව හේතුවකුත් තිබුණා නේද?

ඒ කාලේ මගේ පෙම්වතිය ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. ඒකත් මම ඕස්ට්‍රේලියාවට එන්න හේතුවක් වුණා. හැබැයි දැන් ඒ සම්බන්ධය නැහැ.


@ ආයෙත් මලිත් පෙම්වතෙක් බව කියන්න අකැමැති නැතුව ඇති ?

ඔව් මම පෙම්වතෙක් විදිහට මේ මොහොතේ ආදරය විඳිනවා. පෙම්වතිය ශ්‍රී ලාංකේය කෙනෙක්. හැබැයි දැන් ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. වැඩි විස්තර පස්සෙ කියන්නම් නේද…

@ පෙම්වතිය ජීවන සහකාරිය කරගන්න දැන්ම අදහසක් නැද්ද?

ඇය ඉගෙනීම් කටයුතු අවසන් කළා විතරයි. ටික කාලයක් ආශ්‍රය කරලා ඒ පියවරට යන්න තව කල් තියෙනවා.

@ ඉස්සර තරම් මලිත්ට රසික ප්‍රතිචාර ලැබෙනවාද ?

සමාජ මාධ්‍ය නොතිබුණා නම් මලිත් පෙරේරා ව අමතක වෙලා යන්නත් තිබ්බා. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඒ රසික ආදරය නොඅඩුව ලැබෙනවා. ඒ නිසා ලංකාවෙන් පිට හිටියත් මට ඒ ආදරයෙ අඩුවක් දැනෙන්නෙ නැහැ.

@ හඳුනගන්න බැරි තරමට මලිත්ගේ පෙනුම  වෙනස් වග කියන්නේ නැද්ද කවුරුත් ?

ඒක ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම මගේ ඔළුවට ගහපු දෙයක්. මම ඕස්ට්‍රේලියාවට ආවේ අවුරුදු 18 දී. කාය වර්ධනයට තිබ්බ ආසාවට වැඩිපුර යොමු වුණේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. එහෙමයි මේ පෙනුම හදා ගත්තේ.

@ ඕස්ට්‍රේලියාවෙම ජීවත් වෙනවට පවුලේ අයගෙන් අකමැත්තක් නැද්ද ?

මගේ තාත්තා මං කැමැති දේ කරන්න නිදහස දීලා තියෙනවා. ඉතින් මට බල කිරීම් නැහැ. මම තනියම මගේ ජීවිතේ ගොඩනඟා ගන්න විදිහ දැකලා එයාලා සතුටු වෙනවා.

@ දැන්ම ලංකාවට එන්න අදහසක්ම නැද්ද?

දැන් මගේ ව්‍යාපාර කටයුතු වුණත් ඔන්ලයින් කරන්න පුළුවන් නිසා ලංකාවට ඇවිත් ටික කාලයක් ඉඳලා සංගීත කටයුතුවලටත් කාලය වෙන් කරන්න බලාපොරොත්තුවක ඉන්නවා. ඒ වගේම ලංකාවට ඇවිත් ව්‍යාපාරයකට ආයෝජනය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඕස්ට්‍රේලියාවට කොරෝනා එන්නත ආපු ගමන් ලංකාවේ රවුමක් ගහලා යන්න එනවා.

wijesinghekaushalya16@gmail.com

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 40000 පනී.

Next Post

ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.