බදාදා, ජූලි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

by editor
ජූලි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පොදු දේපළ පනත යටතේ විමර්ශනය කෙරෙන, රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 166ක් වැය කරමින් එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහි විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන උදෘත ඉදිරි පියවර සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසිංහ හමුවේ අද නැවත කැඳවනු ලැබූ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය. හිටපු මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද මෙම අවස්ථාවේදී අධිකරණ භූමියට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සමදරී පියසේන අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත උදෘත යොමු කර ඇති බැවින්, මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

එහිදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වාහන වෙනුවෙන් වැය කර ඇති බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇති බවයි. එහෙත්, තම සේවාදායකයාට මෙම සංචාරය සඳහා වාහන පහසුකම් ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවත්, ඊට අදාළව බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ පියවර ඇතුළත් නිල ලේඛනයක් රජයේ නීතිඥවරිය වෙත විවෘත අධිකරණයේදී භාර දෙන බවත් ඔහු පැවසීය. එමෙන්ම ඒ පිළිබඳව ද වෙනම විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

RelatedPosts

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹෙයි: මෙවර කාලසටහන මෙන්න!

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල ලබන සැප්තැම්බර් 30 වැනිදා නැවත කැඳවීමට දින නියම කළේය. එදිනට මේ සම්බන්ධයෙන් වන නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස ද රජයේ නීතිඥවරියට නියෝග කෙරිණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කරමින් බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වූ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

Next Post

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

Related Posts

Paddy 03
පුවත්

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026
negambo-prison
පුවත්

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

ජූලි 8, 2026
පුවත්

මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹෙයි: මෙවර කාලසටහන මෙන්න!

ජූලි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Paddy 03

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

ජූලි 8, 2026
negambo-prison

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

ජූලි 8, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!
  • ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!
  • යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.