ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
මීට අමතරව ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා පත් කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ එම සාමාජිකයන් වෙත භාර දෙන ලදී.









