අඟහරුවාදා, ජූනි 30, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

by editor
ජූනි 30, 2026
in පුවත්
Harak-Kata
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් දේශපාලනඥයන්, නීතිඥවරුන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් කොටුකර ගැනීම සඳහා දැවැන්ත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනය ආරම්භ වන්නේ  හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවූ සමයේ, ඔහුගේ මුදලින් යැපුණු පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් පිරිසක් සිට ඇති බවත්, එම දූෂිත ක්‍රියාවලියට එරෙහි වූ අවංක පොලිස් නිලධාරීන්ට විවිධ බලපෑම් සහ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදු වූ බවත් පොලිස් අභ්‍යන්තර ආරංචි විසින් තහවුරු කර ඇති පසුබිමකදී ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙහෙයවනු ලබන මෙම විශේෂ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහය ද හිමිවන බව වාර්තා වේ.

විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සැකකාර හරක් කටා විසින් විටින් විට මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් සහ පොලීසියේ හිටපු ඉහළ නිලධාරීන්ගේ නම් හෙළි කර ඇති බැවින්, ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබාගැනීම සඳහා ඉදිරියේදී ඔහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි.

විශේෂයෙන්ම හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි කාලසීමාව තුළ එකල එහි ප්‍රධානීන් ලෙස කටයුතු කළ ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු මොහුගෙන් මුදල් ලබාගෙන ඇති බවට නිශ්චිත  තොරතුරු අනාවරණය වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

එම නිලධාරීන් කිසිවෙකුත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව නැත.    ඉන් එක් උසස් පොලිස් නිලධාරියෙකුගේ පවුලේ අවමංගල්‍ය උත්සවයක සම්පූර්ණ වියදම් පවා දරා ඇත්තේ හරක් කටා විසින් බවට ලැබී ඇති තොරතුරක් මත ද පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකය. ( දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ) 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!

Next Post

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

Related Posts

ASSETS-and-LIABILITIES,
පුවත්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

ජූනි 30, 2026
පුවත්

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!

ජූනි 30, 2026
lanka-petrol-
පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

ජූනි 29, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
ASSETS-and-LIABILITIES,

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

ජූනි 30, 2026
Harak-Kata

හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

ජූනි 30, 2026

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!

ජූනි 30, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!
  • ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.