අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382ක් වේ.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මිල සංශෝධනයෙන් පසු දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල ගණන් මෙසේය:
-
ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 414 (රුපියල් 20කින් අඩු විය)
-
ලංකා සුදු ඩීසල්: රුපියල් 382 (රුපියල් 25කින් අඩු විය)
-
ඔක්ටේන් 95 පෙට්‍රල්: මිල වෙනසක් නැත
-
සුපර් ඩීසල්: මිල වෙනසක් නැත
-
භූමිතෙල්: මිල වෙනසක් නැත.









