සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

by editor
ජූනි 27, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ක්‍රිකට් සඳහා අනාවැකි වලංගු නැති බව සැබෑය. නමුත් පෙනෙන දෙයක් තිබේ. මේ වනවිට ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගය අපෙන් ගිලිහී ගිහින් ඇති බවය.

ධනංජයගේ ශතකයට පින් සිද්ධ වෙන්නට ලකුණු 308ක ඉලක්කයක් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබා දුන්නේය. මුල් ඉනිමේ සියල්ලන්ම දැවී යන්නේ එක් දිනයක් නිමා වන්නටත් පැය බාගයක් කලිනි. ඊයේ එක් ඕවරයක් ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ  දෙවැනි දිනය පුරාම කඩුල්ලේ රැඳී උන්හ.

අවසන් ස්ථාවර ප්‍රතිඵලය ලකුණු 271කට කඩුළු 05කි. හඹා යන්නට ඇත්තේ තවත් ලකුණු 31ක් පමණි. අමීර් ජැන්ගෝ  ලකුණු 78ක් සහිතව නොදැවීය. ඔහුගේ සංයමය තේරුම් ගත යුතුය. ලකුණු 78 ලබන්නේ පන්දු 174ක දී ය.  ජැන්ගෝ කණ්ඩායමට ඇතුළු වන්නේ පුහුණු වීම් අතර බටහිර ඉන්දීය කොදෙව්  ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක ෂයි හෝප් ආබාධයකට ලක් වීම නිසාය. ලැබුණු අවස්ථාව ඔහු උපරිමයෙන් වර්ණවත් කළේය. මේ ජැන්ගෝ ගේ දෙවැනි ටෙස්ට් තරගය වීම ද ඔහුගේ විශ්වාසනීය පිතිකරණ පෞරුෂය පිළිබඳ සාක්ෂි සපයන්නේය.

නායක රොස්ටන් චේස් අනෙක් අන්තයේ ය. ඔහු නොදැවී ලකුණු 42කි. පන්දු 105කට මුහුණ දී ඇත. එල්ල කර ඇත්තේ හතරේ පහර 02ක් පමණය.  ටෙස්ට් කලාව අපෙන්

අහම්බෙන් ලද අවස්ථාව සහිතව දෙවැනි ටෙස්ට් තරගය ක්‍රිඩා කරන අමීර් ජැන්ගෝ  ලකුණු 78ක් සහිතව නොදැවී

කොදෙව් කණ්ඩායම එක් අවස්ථාවක ලකුණු 168කට කඩුලු 5ක් බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවිය. , අනතුරුව පිටියට පිවිසි නායක රොස්ටන් චේස්, ජැන්ගෝ සමඟ එක්ව   6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක නොබිඳුන සබඳතාවක් ගොඩනගා ඇත්තේය. මෑත කාලයේ ලකුණු අතර නොසිටි චේස් ඉතා ඉවසිලිවන්තව පන්දු 105කදී ලකුණු 42ක් රැස් කරමින් දිනය නිමාවන තෙක් කඩුල්ල ආරක්ෂා කරගත්තේය.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

දෙවැනි දිනයේ උදෑසන කාලයේදී බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් (39) සහ බ්‍රැන්ඩන් කින්ග් (31) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් පැවැත්වූහ  මිලාන් රත්නායක විසින් බ්‍රැන්ඩන් කින්ග්ව දවාගනිමින් පළමු කඩුල්ලේ සබඳතාව බිඳ දැමීය.

දිනයේ දෙවැනි සැසියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යවමින් කොදෙව් මැද පෙළ අඩපණ කළේ ලකුණු 79ක් තුළ කඩුලු 4ක් දවාගනිමිනි. වමත් දඟපන්දු යවන සොනාල් දිනුෂ විසින් ජෝන් කැම්බල්ව දවාගත් අතර, මිලාන් රත්නායක සිය දෙවැනි කඩුල්ල ලෙස කලීම් හෝජ් (16) දවාගත්තේය. ජොෂුවා ද සිල්වා ලකුණු 20කට අසීත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, ජස්ටින් ග්‍රීව්ස් ලකුණු නොලබාම දැවී ගියේ කුසල් මෙන්ඩිස් රැකගත් විශිෂ්ට උඩපන්දුවක් හේතුවෙනි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 2ක්ද, අසීත ප්‍රනාන්දු සහ සොනාල් දිනුෂ එක් කඩුල්ල බැගින්ද බිඳ දැමූහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර නැවත ආබාධයකය. තරගය පටන් අරන් පන්දු යවන්න ගත්තා පමණය. ක්‍රීඩකයින් ආබාධවලට ලක් වන්නේය.   මේ ආකාරයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අසිරුය.  අපට පෙනෙන්නේ එපමණය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Next Post

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.