-
පල්ලේගම හේමරතනගේ ළමා අපචාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැරිව ඇඹරුන පොලිසිය ස්පා ගෑනු ඉස්සරහට දාගෙන වැඩ පෙන්වන හැටි පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කෙරෙයි….
අනුරාධපුර ළමා අපචාරය සිදුකළ හිමිනමට එරෙහිව කිසිවක් කරගත නොහැකිව ඇඹරෙද්දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවූ පොලිසිය සම්බාහන ආයතනවල රැකියා කරන කාන්තාවන් වීඩියෝගත කර මාධ්‍යයට මුදා හැරීන බවත් මේ මානසිකත්වය කුමක් දැයි තමා විමසන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ඇය මතුකළේ ඉතා සංවේදී කතාවකි. එක මිටට ගැහුණු ලෙස දේශපාලනයට කාන්තාවන් එක් කරගෙන ඔවුන්ගේ සංවේදී ජීවිත ප්රශ්නය ආමන්ත්‍රණය කරන්නේ මෙසේ නම් එය බරපතල ඛේදවාචකයක් වන ආකාරය අද ඇය පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කළාය.
“මෙතන ප්‍රශ්නයක් තියනවා. මේ කාන්තාවො පාදඩ නීතිය යටතේ තමයි මේ විදිහට ගෙනත් දාන්නේ. එතකොට මේ කාන්තාව ගණිකා වෘත්තියේ යෙදුනා කියලා නම් මේ ගන්නේ මෙයා එක්ක හිටිය සේවා දායකයා, සිංහල භාෂාවෙන් කිව්වොත් මෙයා එක්ක යහන්ගත වෙච්චි පිරිමියා කෝ… මෙතන නොසලකා හැරීමක් වෙනවා. කාන්තාවො විතරක් කොහොමද අල්ලගෙන එන්නේ මේවා ලියාපදිංචි වෙච්චි ස්පාර් නම්.”
“මම අනිත් එක අහනවා මේවා වීඩියෝ කරන්නේ පොලිසියෙන් ද?. නැතිනම් පොලිසිය වීඩියෝ කරලා මාධ්‍යයට දෙනව ද?. එහෙම නැතිනම් පොලිසිය යනකොට මාධ්‍යයට කියලා එක්ක ගිහින් වීඩියෝ කරනව ද?, මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියනවා.”
“එක මිටට ගැහැණු අපි කියලා කාන්තාවේි දේශපාලනයට ගත්තේ. කාන්තාවො මේ වගේ තැනට වැටිලා තියනවා නම් ඇයි කාන්තාවො මේ තැනට වැටුනෙ, ඒ අය ආර්ථිකව සවි බල ගන්වන්නේ මොන ආකාරයට ද කියලා සොයා බලා ඔවුන්ව නගා සිටුවීමට වැඩපිළිවෙළ හදනවා වෙනුවට මේ විදිහට මාධ්‍ය ඉස්සරහ ඔවුන් නිරවාරණය කරලා ඔවුන්ට සමාජය ඉදිරියට යන්න බැරි තත්ත්වයකට පත් කිරිම ඛේදචවාචකයක්. “ඇය කීවාය.







