සඳුදා, ජූනි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

by editor
ජූනි 22, 2026
in පුවත්
anura
Share on FacebookShare on Twitter

ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

anura

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහාය ලබා දෙන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් වූ ඉදිරි ප්‍රතිපත්තිමය සැලසුම් පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.

කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා එක්වන ලෙස ආයෝජකයන්ට ආරාධනා කළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ කර්මාන්ත ශාලා ගොඩනැගිලි රජයේ අනුග්‍රහය ඇතිව ලබා දීමේ “Plug and Play” ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

රුපියල්වලින් සිදුකරන ආයෝජන ඉහළ ගියද, ඒවා නිසා ඩොලරයට ඇති වන බලපෑම පාලනය කිරීම සඳහා ඩොලර් උපයන මාර්ග ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. රුපියල් වියදම් සීමා කරමින් ඩොලර් ආදායම වැඩි කර ගැනීම මගින් ආර්ථික පිබිදීමක් ඇති කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

RelatedPosts

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

වසර 10ක් තුළ 07 වැනි අගමැතිත් පත් කරගන්නට සිදුකර ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍ය අගමැති සර් කීර් ස්ටාර්ම !

ආයෝජකයන් මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඉඩම්වල වටිනාකම සහ ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය සහතික කිරීමට රජය මැදිහත් වන බවත්, ඊට අදාළ නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදු වෙමින් පවතින බවත් ප්‍රකාශ කෙරිණි. වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු වූ අතර, එහිදී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන ලදී.

වෙළෙඳපොළ අවස්ථා ඉහළ නන්වා ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නන්වා ගැනීම වෙනුවෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

වෙළඳාම සහ ආයෝජන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා “වෙළඳාම සඳහා වූ ජාතික තනි කවුළුව” මෙම ජූලි මාසය අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, ආයෝජන සඳහා වූ ජාතික තනි කවුළුව මෙම වසර අවසානය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට, මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ නව පනතක් හඳුන්වා දෙන බවද පැවසීය.

තම ගැටලු සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීම පිළිබඳ ආයෝජකයන් රජයට ස්තූතිය පළ කළ අතර, මතුවන ගැටලු පිළිබඳ මාසිකව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට එකඟතාව පළ කරමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් සහ ඇගළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

Next Post

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Related Posts

wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
පුවත්

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ජූනි 22, 2026
පුවත්

වසර 10ක් තුළ 07 වැනි අගමැතිත් පත් කරගන්නට සිදුකර ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍ය අගමැති සර් කීර් ස්ටාර්ම !

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.