ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!

by editor
ජූනි 21, 2026
in පුවත්
arrested-peradeniya-student
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළදී අයිස්, කුෂ් සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සිසුවාගේ ශිෂ්‍ය භාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර, ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාල විනය කමිටුව මගින් සිදු කරන ලද විධිමත් හා දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම දැඩි තීරණය ගෙන ඇති අතර, උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගේ නිර්දේශ මත ඊට අදාළ නිල ලිපිය මේ වන විටත් අදාළ සිසුවා වෙත භාර දී ඇත.

මෙලෙස ශිෂ්‍ය භාවය අහෝසි කර විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට ලක්ව ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි, 24 හැවිරිදි  සිසුවෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ (අවසන් වසරේ) අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි.

  • නේවාසිකාගාර කාමරය වැටලීම

මෙම සිසුවා විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ නේවාසිකාගාර කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට විශ්වවිද්‍යාලීය විනය පාලක අංශය වෙත රහසිගත තොරතුරක් ලැබී තිබිණි. එම තොරතුර ලැබී තිබුණේ පේරාදෙණිය පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගනු ලැබූ වෙනත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණුවලට අනුවය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ශිෂ්‍ය විනය පාලක නිලධාරීන්,   රාත්‍රියක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘අයිවර් ජෙනිංග්ස්’ ශාලා නේවාසිකාගාරයේ සිසුවා රැඳී සිටි කාමරය හදිසි පරීක්ෂාවකට ලක් කරනු ලැබුවේය.  එහිදී එම කාමරය තුළ සඟවා තිබූ පැකට් කරන ලද සහ පැකට් නොකරන ලද  මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට විනය පාලක නිලධාරීන්ට හැකි විය.

RelatedPosts

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

  • භාණ්ඩ රැසක් විනය පාලක භාරයට

මෙම වැටලීමේදී සැකකාර සිසුවා සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පැකට් 68ක්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සොයා ගැනිණි. මීට අමතරව මත්ද්‍රව්‍ය කිරා බැලීම සහ සූක්ෂ්ම ලෙස වෙන් කිරීම සඳහා භාවිත කරන ඩිජිටල් තරාදි (කිරුම් උපකරණ) 2ක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා සකස් කරන ලද කුඩා පොලිතීන් පැකට් විශාල ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 75,000කට අධික මුදලක් ද විනය පාලක නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා ලදී. පසුව සැකකාර සිසුවා සහ සොයාගත් ද්‍රව්‍ය සියල්ල පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

  • විනය පරීක්ෂණය සහ ඉදිරි ක්‍රියාමාර්ග

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් අධිකරණමය මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබියදී, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද අභ්‍යන්තර විනය පරීක්ෂණයක් වහාම ආරම්භ කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ විනය කමිටුව, සිසුවාට එල්ල වී ඇති චෝදනා සනාථ වීම හේතුවෙන් ඔහුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට නිර්දේශ කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

විශ්වවිද්‍යාලය තුළ කලක් තිස්සේ රහසිගතව ක්‍රියාත්මක වී ඇති මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තොරතුරු සහ ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී සිටින සෙසු විශ්වවිද්‍යාල සිසුන් කවුද යන්න හඳුනා ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

Next Post

පස් ජාවාරම්කරුවෙකු මනම්පිටිය පොලිසියේදී මාධ්‍යවේදී නිමල් ජයරත්නගෙන් සමාව ගනියි!

Related Posts

පුවත්

පස් ජාවාරම්කරුවෙකු මනම්පිටිය පොලිසියේදී මාධ්‍යවේදී නිමල් ජයරත්නගෙන් සමාව ගනියි!

ජූනි 21, 2026
පුවත්

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

ජූනි 21, 2026
sajith-premadasa
පුවත්

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පස් ජාවාරම්කරුවෙකු මනම්පිටිය පොලිසියේදී මාධ්‍යවේදී නිමල් ජයරත්නගෙන් සමාව ගනියි!

ජූනි 21, 2026
arrested-peradeniya-student

පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!

ජූනි 21, 2026

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පස් ජාවාරම්කරුවෙකු මනම්පිටිය පොලිසියේදී මාධ්‍යවේදී නිමල් ජයරත්නගෙන් සමාව ගනියි!
  • පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!
  • මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.