ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

by editor
ජූනි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව බකමූණ පොලිස් බල ප්‍රදේශයේ යාය 25 ගම්මානයේ පොදු සුසාන භූමියට දහවල් කාලයේ ඇතුළු වී, සොහොන් කොත් මත බලි පූජා පවත්වමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බකමූණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සති දෙකකට පමණ පෙර මිහිදන් කරන ලද මෘතදේහයක සොහොන් ගැබක් සහ තවත් පැරණි සොහොන් කොතක් ස්ථාන දෙකකින් හාරා, ඒවා තුළට යම් කිසි ද්‍රව්‍යයක් ඇතුළු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකාර කාන්තාවන් දෙදෙනා සොහොන් කොත් මත මැටිවලින් සෑදූ මිනිස් රූප තබා පහන් දල්වමින් සිටියදී, මාර්ගයේ ගමන් ගත් අයෙකු විසින් එය දැක ගම්වාසීන්ට දැනුම් දී තිබේ.

පසුව ගම්වාසීන් එක්ව සොයා බලා මේ පිළිබඳව බකමූණ පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සුසාන භූමිය වෙත පැමිණ, බලි පූජාව සඳහා යොදාගත් ද්‍රව්‍ය සමඟ සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් සහ බකමූණ, සරුබිම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා “පුද්ගලික හා පොදු සුසාන භූමි ආඥා පනත” යටතේ, සොහොන් කොත්වලට හානි සිදු කිරීමේ වරද මත හෙට (22) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම කාන්තාවන් මීට පෙරද මෙවැනි ගුප්ත ක්‍රියා සඳහා මෙම සුසාන භූමිය යොදාගෙන ඇති බවත්, මේ හේතුවෙන් ගම්මානය තුළ දැඩි භීතියක් හටගෙන ඇති බවත් ගම්වාසීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

Next Post

පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!

Related Posts

arrested-peradeniya-student
පුවත්

පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!

ජූනි 21, 2026
sajith-premadasa
පුවත්

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

ජූනි 21, 2026
පුවත්

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
arrested-peradeniya-student

පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!

ජූනි 21, 2026

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

ජූනි 21, 2026
sajith-premadasa

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!
  • මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!
  • වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.