මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව සිට මනම්පිටිය දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මනම්පිටිය අලිවංගුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන කෝන් ගසක ගැටීමෙන් සිදු වූ බරපතළ අන්තුරකින් පුද්ගලයින් 11දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ (13 ) සවස සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි පිරිසක් බව පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
මඩකලපුව ප්‍රදේශයේ මඟුල් ගෙදරකට ගොස් ආපසු මනම්පිටිය බලා එමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබේ.
රියදුරුට නින්ද යාම, අධික වේගය, නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බව ඒ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු අටක දියණියක්ද වන අතර මෙම අනතුරින් රියැදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවත් අනතුරෙන් තුවාල ලැබූ 09 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලේත්, දෙදෙනෙකු මනම්පිටිය ප්‍රාදේශීය රෝහලෙත් ප්‍රතිකාර ලබන බවth පොලිසිය කියයි.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී,ජී.ඒ.සී ආරියරත්න ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම අනතුරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.






