ඉරිදා, ජූනි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

by editor
ජූනි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරාන ඉස්ලාමීය විප්ලවයේ දිවි පිදූ උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි කමේනිගේ දේහය පිළිබඳ  භූමදාන කටයුතු  දීර්ඝ අවමංගල උත්සව මාලාවකින් අනතුරුව අලි කමේනි මිය ගොස් දින 131කින් පසු  එළඹෙන ජූලි මස 09 වැනිදා  සිදුකරන බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 

ඊයේ ( 13 ) දිනයේ දිවි පිදූ උත්තරීතර නායකයාගේ කෘතීන් සුරැකීමේ සහ ප්‍රකාශයට පත් කිරීමේ නිල කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.

එම නිල ප්‍රකාශයට අනුව, දිවි පිදූ උත්තරීතර නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ සමුගැනීමේ උත්සව එළඹෙන ජූලි මස 4 වැනිදා සහ 5 වැනිදා යන දිනවලදී ටෙහෙරාන් නුවර පිහිටි ඉමාම් ඛොමේනි මොසල්ලා (Imam Khomeini Mosalla) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඉන් අනතුරුව ජූලි මස 6 වැනිදා ටෙහෙරාන් අගනුවරදී විශේෂ අවමංගල්‍ය පෙරහැරක් පැවැත්වීමට නියමිත අතර, ජූලි මස 7 වැනිදා තවත් ආගමික අවමංගල්‍ය පෙරහැරක් ඉරානයේ ශුද්ධ වූ කොම් (Qom) නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම කාර්යාලය පවසයි.

අයතුල්ලා සෙයියද් අලි කමේනි වෙනුවෙන් පැවැත්වෙන අවසාන නිල අවමංගල්‍ය උත්සවය ජූලි මස 9 වැනිදා ශුද්ධ වූ මෂාද් (Mashhad) නගරයේදී පැවැත්වීමට නියමිතය. මෙම දිනය ඉස්ලාමීය දින දර්ශනයට අනුව ඉමාම් සජ්ජාද් (AS) තුමාණන්ගේ ප්‍රාණ පරිත්‍යාගී සංවත්සර සැමරුම් දිනය යෙදෙන පෙරදිනට සමගාමීව සිදුවීම විශේෂත්වයකි. අවසන් කටයුතුවලින් අනතුරුව දිවි පිදූ උත්තරීතර නායකයාගේ දේහය මෂාද් නුවර පිහිටි ඉමාම් රේසා (Imam Reza – AS) ශුද්ධ වූ සිද්ධස්ථාන පරිශ්‍රයේදී භූමදානය කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

RelatedPosts

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

පසුගිය පෙබරවාරි මස 28 දා  ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එරෙහිව දියත් කරන ලද හමුදාමය ආක්‍රමණ සහ ප්‍රහාර මාලාවක් අතරතුර, ටෙහෙරාන් නුවර පිහිටි නිල නිවසේදී අයතුල්ලා කමේනි ඉලක්ක කර ගනිමින් ඝාතනයක් සිදු කරන ලදී. එම දරුණු යුදමය වාතාවරණය තුළ ඉරානයේ ඉහළ පෙළේ මිලිටරි අණදෙන නිලධාරීන් සහ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද ඝාතනයට ලක් විය.

මෙම ඝාතනය සිදු වී දින කිහිපයකට පසු, ඉරානයේ ඉහළම ආගමික මණ්ඩලය වන සහ සාමාජික පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත ‘විශේෂඥයින්ගේ   කවුන්සිලය’ (Assembly of Experts) විසින් ඉරාන ඉස්ලාමීය විප්ලවයේ තුන්වන උත්තරීතර නායකයා ලෙස 56 හැවිරිදි වියේ පසුවන අයතුල්ලා සෙයියද් මොජ්තබා කමේනි (Ayatollah Seyed Mojtaba Khamenei) ඒකමතිකව තේරී පත් කර ගන්නා ලදී. ඔහු ඝාතනයට ලක්වූ උත්තරීතර නායකයාගේ පුත්‍රයාය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කරන නිලධාරීන් විසින්, දිවි පිදූ උත්තරීතර නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වන ලෙස ඉරානයේ සියලුම ගෞරවනීය ජනතාවට ද, ලෝකවාසී නිදහස් මතධාරී ජනතාවට ද, ඉස්ලාමීය දහම සහ දර්ශනය අනුගමනය කරන අනුගාමිකයන්ට මෙන්ම ඉරාන දේශයට හිතෛෂී සහ ලැදි සියලුම පාර්ශවයන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටියි.

Share69Tweet43
Previous Post

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

Related Posts

trump-kameni
පුවත්

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

ජූනි 13, 2026
පුවත්

අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

ජූනි 13, 2026
Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

ජූනි 14, 2026
trump-kameni

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

ජූනි 13, 2026

අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

ජූනි 13, 2026
ADVERTISEMENT
  • ai නිර්මාණයකි

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…
  • ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!
  • අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.