බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අනිවාර්යයි…   QR කේතය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර! ඉදිරි පියවර ගැන ඇමති පැහැදිලි කරයි…

අවස්ථා කීපයක දී ඉන්ධන මිල ඉහළ දැම්මේ ඇයිදැයි රජය කියයි....

by editor
ජූනි 1, 2026
in පුවත්
homuz
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවරැල්ල –

ඉන්ධන සඳහා දැනට භාවිතා කරන QR කේතය මීටත් වඩා විධිමත් සහ දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමති අනුර කරුණාතිලක අද (01) පැවසුවේය.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් බලශක්ති ඇමතිවරයා කීවේ, අවස්ථා ගණනක දී ඉන්ධන මිල වැඩි කළ ද මේ වනවිටත් ඩීසල් ලීටරයකින් රුපියල් සියයක් රජයත්, රුපියල් 258ක් ඛණිජ තෙල් සංස්ථාවත් ලෙස රුපියල් 358ක සහනාධාරයක් පාරිභෝගිකයා වෙත ලබා දෙන බවය.

ඇමතිවරයා පවතින තත්ත්වය සම්බන්ධව මෙසේ පැහැදිලි කිරීමක් කළේය.

“සමාජය තුළ කිසියම් විදිහකට සාකච්ඡාවක් ඇති වෙලා තියනවා ඇයි මේ අවස්ථා කීපයකදී කණිජ තෙල් මිල ඉහළ දාන්න රජයට සිද්ධ වුනේ කියලා. මේ යුද්ධය පෙබරවාරි මාසයේ ආරම්භ වුනාට පස්සේ ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල සහ දැන් තියන මිල 92ක පෙට්‍රල්වල සියයට 81ක වැඩි වීමක් තියනවා. ඩීසල් සඳහා සියයට 79.8ක වැඩිවීමක් තියනවා. ජනවාරි මාසයට සාපේක්ෂව.”

“බොරතෙල්වල මේබර්න් තෙල්වල සියයට 69.52ක වැඩිවිමක් ජනවාරි මාසයේ සිට මේ දක්වා අපේ තියනවා. මේ වැඩි වීමට සාපේක්ෂව අපි අවස්ථා කීපයක දී මිල වැඩිවීම් කළත් තවමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් අනෙක් ඛණිජ තෙල් සැපයුම්කරුවනුත් වෙළෙඳපලට සපයන්නේ නියමිත වියදමට වඩා අඩුවෙන්.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ලීටරයකින් ලබන පාඩුව

ඇමතිවරයා සමාගම් මට්ටමින් සිදුවන පාඩුව මෙසේ විස්තර කළේය.

  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC): “අප්‍රේල් මාසයේ අවසාන වන විට ඩීසල් සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 750ක වියදමක් දැරුවා. රජය විසින් ලීටරයට රුපියල් සීයක වියදමක් දැරුවා. එම වියදමත් එක්ක තෙල් ලීටරයක් සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලීටරයක් සඳහා රුපියල් 258ක අලාභයක් ලබලා තියනවා. ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල අඩුවීම තවමත් අපට පේන්නේ නෑ.
  • ආර්එම් පාර්ක් (RM Park) ආයතනය: මැයි මාසයේ දී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 342ක් සහ 92 පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 157ක් පාඩු ලබයි..
  • සයිනොපැක් (Sinopec) සමාගම: ඩීසල් ලීටරයකින් රුපියල් 186.51ක් සහ 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 29ක් පාඩු ලබයි.
  • ලංකා IOC සමාගම: ඩීසල් ලීටරයකින් රුපියල් 194ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38ක් පාඩු ලබයි.

“නිරන්තරව අසීමිත පාඩුවක් ඒ ඒ ආයතනවලට දරන්න සිද්ධ වුනොත් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පවත්වා ගන්න බැරි වෙනවා. ඒ හරහා ඔවුන්ගේ ඉන්ධන සැපයුම වෙළෙඳපල තුළ කඩා වැටීමේ අවදානමක් දරන්න සිද්ධ වෙනවා.”

මිල වැඩි කළේ ඇයි?

“දැන් අපට මුහුන දීලා තියන තත්ත්වය තමයි කිසියම් මිල වැඩිවීමක් සිද්ධ වුනත් අපට අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කරන්න පුලුවන්. මේ මිල වැඩිකිරිම කරන්නෙ නැතිව අප කටයුතු කරනු ලැබුවහොත් අඛන්ඩ ඉන්ධන සැපයුම තවදුරටත් කරන්න බැරි වෙනවා. මේක ඉන්ධන වෙළෙඳපල කඩා වැටෙනවා. මේකේ බලපෑම ඉන්ධන වෙළෙඳපලට පමණක් නෙමෙයි සිද්ධ වෙන්නෙ. මේ සියල්ල අවසානයේ දී සමස්ථ ආර්ථිකය කඩා වැටෙන අවදානමක් තියනවා.”

“ඒ නිසා අකමැත්තෙන් උනත් අපට තීරණය කරන්න සිද්ධ වුනා ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නෙ. ඒකට හේතුවක් තමයි මිල වැඩිවීමේ සැලකිය යුතු ප්‍රතිශතයක් රජය විසින් මහා භාණ්ඩාගාරය හරහා දරන එක.”

QR කේතය දැඩිව ක්‍රියාත්මක කිරීම

“මැයි මාසයේ වනවිට ඩොලර් මිලියන 524ක් අපි ඉන්ධන සඳහා වියදම් කරලා තියනවා. මේ තත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් විදිහට අපි කල්පනා කළා අනිවාර්යයෙන් ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදහක අඩු කිරීමක් කරලා සමස්ථ ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරලා දැනට ක්‍රියාත්මකවන කිව් QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.”

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් සියයට දෙකකින් පමණ අද ඉහළ යෑමත් සමග බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපලේ බොරතෙල් බැරලයක මිල අද උදෑසන සටහන් වූයේ ඩොලර් 93.32ක් ලෙසය. සියයට 2.8කින් ඉහළ ගොස් ඇති ඇමරිකානු වෙළෙඳපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.82කි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

Next Post

තෙල් මිල වැඩි කළේ මැදපෙරදිග ප්‍රශ්න හින්දා නෙවෙයි; බාල ගල් අඟුරු ගෙනාපු නිසයි – නාමල් රාජපක්ෂ …

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.