සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට  මේ රජය යටතේ  දේශපාලන බලය සහ දේශපාලන අනුග්‍රහය නොලැබෙන බවට  සහතික වෙනවා… ජනපති කියයි!

by editor
මැයි 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතියක් ව්‍යසනයට ලක් කරන  විනාශකාරී මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස අතීතයේදී දේශපාලන බලය, රාජ්‍ය බලය මෙන්ම මූල්‍ය බලය පැවති නමුත්   ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවතාවට මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන්ට තිබූ දේශපාලන බලය හා දේශපාලන අනුග්‍රහය මුළුමනින්ම බිඳ දමා ඇති බවත්  ඉදිරියට කිසිදු ජාවාරම්කරුවකුට දේශපාලන රැකවරණය නොලැබෙන බවටත් ස්ථිර සහතිකය ලබාදිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

රජයක් ලෙස අණපනත් සහ නීති රීති මඟින් උපරිම පියවර ගත්තද, මෙම මහා විනාශය නීතියෙන් හෝ රාජ්‍ය බලයෙන් පමණක් තනිව වැළැක්විය නොහැකි බව කී ජනාධිපතිවරයා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කරමින් මනස වෙනස් කිරීමේ සහ අධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කිරීමේ දැවැන්ත කාර්යභාරය පැවරෙන්නේ මහා සංඝරත්නය වෙත බව කීවේය.

මේ කාර්යයේ දී පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ රටේ තරුණ පරපුර අධ්‍යාත්මිකව අවදි කිරීම සඳහා දියත් කර ඇති ජාතික ව්‍යායාමය වත්මන් තරුණ පරපුර මුහුණ දී සිටින දැවැන්ත අභියෝගවලින් මුදා ගැනීම සඳහා විශාල පිටිවහලක් වන බව  ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කන්නොරුවේ සිරිධම්ම හිමි…

ජනාධිපති අනුර කුමර දිසානායක මේ බව ප්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ නිකවැරටිය  ගනේවැව පුරාණ විහාරස්ථානයේ 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට එක් වෙමිනි.

එහිදි ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ අපේ රටේ තරුණ පරපුර අධ්‍යාත්මිකව අවදි කිරීම සඳහා විශාල වෙහෙසක් දරනවා. මා හිතනවා එම ව්‍යායාමයේ ඉතා වැදගත් අවස්ථාවකටයි අද අපි සහභාගී වී සිටින්නේ. උන්වහන්සේ මෙම භූමියේ වැඩ සිටිමින් සෑම සතියකම තරුණයන් දහස් ගණනක් කැඳවා එම තරුණ තරුණියන්ට යහපත් ගමන් මාවත පිළිබඳ ධර්ම දේශනා පවත්වනවා. එම කටයුතු වෙනුවෙන් අද ඉතා වටිනා ධර්ම ශාලාවක් ඇතුළු විහාරාංග කිහිපයක් විවෘත වෙනවා.

උන්වහන්සේගේ ධර්ම චාරිකාව අපේ රට මේ මොහොතේ මුහුණ දී සිටින, විශේෂයෙන් අපේ තරුණ පරපුර මුහුණ දී තිබෙන විශාල අභියෝගයකින් මුදා ගැනීම සඳහා විශාල පිටිවහලක් වන බව මම විශ්වාස කරනවා.

වත්මන් තරුණ පරපුරට අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අවස්ථා තමන්ගේ ජීවිතය යහපත් මඟට ගෙන ඒම සඳහා තෝරා ගන්නේ කොහොමද කියන සන්ධිස්ථානයකට අපි පැමිණ සිටිනවා. අපේ තරුණ පරම්පරාවට ලෝකය වඩා සමීපයි. අතේ තිබෙන ජංගම දුරකථනයෙන් ලෝකයටම ප්‍රවිෂ්ට වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා තොරතුරු, සිදුවීම්වලට ඉතා වේගයෙන් ළඟා විය හැකියි. තාක්ෂණයේ ඇති වී තිබෙන මහා පරිවර්තනය හේතුවෙන් ඔවුන්ට දැනුම, අත්දැකීම් විශාල ප්‍රමාණයක් එක් කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම, සන්නිවේදන පද්ධති සහ ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමේ ප්‍රතිඵල අපේ තරුණ පරපුරට නෙළා ගත හැකියි.

ඒ හා සමාන ලෙසම විද්‍යාව සහ තාක්ෂණය තුළ සිදුව තිබෙන මහා පරිවර්තනය මත්ද්‍රව්‍ය, අපචාර සහ සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ වීම්, තාක්ෂණය ඔස්සේ සිදු වන මුල්‍ය ගනුදෙනුවලටද අවස්ථාව විවර වී තිබෙනවා.

අද අපි මත්ද්‍රව්‍ය ජාවාරම පරාජය කිරීම වෙනුවෙන් විශාල වැඩසටහනක් දියත් කර තිබෙනවා. ඒ අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් 31 දින සිට අද වන විට ගත වූ මාස 07 තුළ විෂ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අපි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පමණයි. එසේ නම් රට තුළ තව කොපමණ ප්‍රමාණයක් පැතිර තිබෙනවාද සහ ඊට තරුණ තරුණියන් කොපමණ ප්‍රමාණයක් ගොදුරු වී සිටිනවාද කියා තේරුම්ගත හැකියි.

මේ විනාශකාරී දොරටුව දෙසට ගමන් කරන තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමේ දිශාවට කැඳවාගෙන එන්නේ කොහාමද කියන එක මේ වන විට අප සතුව තිබෙන විශාලම අභියෝගයයි. අද සමාජයක් ලෙස අපේ මහා සංඝරත්නය, අනෙකුත්  ආගමික පූජකවරු, රජයක් ලෙස අපත්, සමස්ත සමාජයත් මුහුණ දෙන අභියෝගය එයයි.

මේ විනාශකාරී දොරටුව පිටුපස විශාල බලයන් තිබෙන බව අපි දන්නවා. මේ පිටුපස දේශපාලන බලය, රාජ්‍ය බලය තිබූ යුගයක් තිබුණා. ඒ වගේම, මුදල් බලය තිබෙනවා. විශාල බලයන්ගෙන් අනුග්‍රහය ලැබූ දොරටුවක් තමයි මත්ද්‍රව්‍ය සඳහා විවෘත වී තිබෙන දොරටුව. එසේ නම්, අපි එම දොරටුව වසා දැමිය යුතුයි. ඒ සදහා ඊට වඩා වැඩි බලයක් අපි යෙදවිය යුතුයි. මා මෙහිදී ආඩම්බරයෙන් කියනවා ලංකාවේ පළමුවතාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා තිබූ දේශපාලන බලය අපි බිඳ දමා තිබෙනවා. අද ඒ කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ කියන සහතිකය මට දෙන්න පුළුවන්. ඒ වගේම අපේ පොලිසිය ඇතුළු ඒ සම්බන්ධව කටයුතු කරන කණ්ඩායම විශාල වෙහෙසක් දරනවා එම දොරටුව වසා තැබීමට. අපිට රජයක් ලෙස අණපනත්වලින්, නීතිවලින් කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. එහෙත් මෙය වසා තැබිය හැකි වන්නේ නීතියෙන්, අණපනත්වලින් සහ රාජ්‍ය බලයෙන් පමණක් නොවන බව මම විශ්වාස කරනවා.

එහිදී තමයි අපිට කත්නෝරුවේ සිරිධම්ම වැනි තරුණ ස්වාමීන් වහන්සේ මුණ ගැසෙන්නේ. මේ විනාශකාරී දොරටුව වසා තැබීම සදහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.

අද අපේ කත්නෝරුවේ හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනා සඳහා තරුණ පරපුර තුළ ආකර්ෂණයක් තිබෙනවා. උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද කරුණු අධ්‍යයනය කරනවා. එය ඉතා වැදගත් දෙයක්. උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදි ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයකට මෑත කාලයේ තම ධර්ම චාරිකාවේදී ධර්මය දේශනා කර තිබෙනවා නම් මම හිතනවා ඉන් බහුතරයක් පිරිස තරුණ පරපුරයි.

අද තරුණ පරපුර පන්සල සමග, ධර්මය සමග ප්‍රබෝධවත්ව සම්බන්ධ වී සිටිනවා. එහි නියමු කාර්යයක් අපේ සිරිධම්ම තරුණ ස්වාමීන් වහන්සේ ඉටු කර තිබෙනවා. තරුණ පරපුර විනාශකාරී දොරටුවෙන් අනාගතය සඳහා ප්‍රවිෂ්ට වන දොරටුව වෙත කැඳවාගෙන ඒමේදී භික්ෂුන් වහන්සේ වෙත පැවරී ඇති කාර්යභාරය විශාලයි. නීතිය, බලය, ආයතන පද්ධතිය මගින් කළ හැකි කාර්යභාරය අපි කරන්නම්. අධ්‍යාත්මික සුවය, මනස වෙනස් කිරීම සහ නව දිශාවකට තරුණ පරපුර යොමු කරමින් විනාශකාරීත්වයෙන් මුදා ගැනිමේ මෙම කාර්යභාරය නීතියට පමණක් කළ නොහැකියි. ඒ සඳහා අධ්‍යාත්මික පරිවර්තනයක් අවශ්‍යයි.

එහිදී සමාජයට නව හර පද්ධතියක් සහ වටිනාකම් පද්ධතියක් හඳුන්වා දිය යුතුව තිබෙනවා. වැඩිහිටියන්ට ගරු කිරීම වැනි ගුණධර්ම කෙරෙහි තරුණ පරපුර යොමු විය යුතුයි.  ඒ වගේම කුමන සංස්කෘතියකට, ජාතියකට, ආගමකට අයත් වුවද එම සෑම සංස්කෘතියකටම, අනන්‍යතාවකටම ගරු කරන සහ වටිනාකමක් ලබා දෙන සමාජයක් අපිට අවශ්‍යයි. එහිදී තරුණ පරපුර තුළ අධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කිරීම ඉතා වැදගත් වෙනවා. මෙම කාර්යයේදී පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් ඉටු කරනු ලබන මෙම මෙහෙවර අගය කළ යුතුයි. ඒ වෙනුවෙන් උන්වහන්සේට මගේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අතිපූජ්‍ය අත්තංගනේ රතනපාල නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය අත්තංගනේ සාසනරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයද, අනෙකුත් ආගමික පූජකවරුද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද, ආදි වාසී නායක වන්නිලැ ඇත්තෝ සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

2025 අවසන් වනවිට ලංකාවේ සමස්ත රාජ්‍ය ණය බිලියන 29,994 දක්වා ඉහළට – මහ බැංකු කියයි!

Next Post

ක්‍රිෂ් ගනුදෙනුව: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ විභාගය ජූලි 7 වනදා ඇරඹේ!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.