බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල නාහිමියන්ගේ  31වන ගුණ සමරුව නිමිත්තෙන් පින්කම් මාලාවක්!

by editor
මැයි 27, 2026
in පුවත්
Dimbulagala
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මීට වසර තිස් එකකට ඉහතදී ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව අපවත් වී වදාළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතරගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ 31 වන ගුණ සමරු පිංකම මැයි 26 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සහ මනම්පිටිය මාගන්තොට ශ්‍රි සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේදී දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

Dimbulagala

රටට, ජාතියට සහ ආගමට සුවිශාල සේවාවක් සිදු කරමින් මෙරට වැඩිම භික්ෂූන් වහන්සේලා පිරිසක් ශාසනයට ඇතුළත් කිරීමටත්, වෙහෙර විහාරස්ථාන, ගම්මාන මෙන්ම මාදුරුඔය ජලාශය ඉදිකිරීමටත් පුරෝගාමීත්වය ගත් දිඹුලාගල නාහිමියන් 1995 මැයි 26 වෙනිදා දිඹුලාගල මැණිකේඇළ ප්‍රදේශයේදී ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් අපවත් වූහ.

ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ 31 වන ගුණ සමරු පින්කම වෙනුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ලේ දන්දීමේ පින්කමක්, ඇස් කන්නාඩි ලබාදීම, පාසල් දරුවන්ට පොත්පත් බෙදාදීම සහ ඔක්සිජන් පැල ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

දිඹුලාගල ආරණ්‍යවාසී හෙනානිගල චුල්ලපන්තකාලංකාර නාහිමියන් විසින් මෙම පින්කම සංවිධානය කර තිබූ අතර, මනම්පිටිය මාගන්තොට ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන් සහ දිඹුලාගල නාහිමි ගුණසමරු පදනම මඟින් සංවිධානය කරන ලද විශේෂ පින්කමක් මනම්පිටිය සීලපුර මංසන්ධියේ පිහිටි නාහිමි පිළිරුව අබියසදී හා සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සීලපුර මංසන්ධියේ පිහිටි දිඹුලාගල නාහිමි පිළිරුවට මල් කළඹ තබා වැඩම කළ මහා සංඝරත්නය පුෂ්පෝපහාර දැක්වූ අතර එම අවස්ථාවට පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ඇතුළු පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩම කළ මහා සංඝරත්නය උදෙසා චතුමධුර සහිත ගිලන්පස පූජාවක් මෙන්ම අටපිරිකර පූජාවක් පවත්වා, අපවත් වී වදාළ සීලාලංකාර නාහිමියන්ට සහ මල්දෙනියේ ජිනාලංකාර නාහිමියන්ට මෙන්ම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් අපවත් වන්නට යෙදුණු සියලු සංඝරත්නය උදෙසාත්, මාගන්තොට ගම්මානයේ මියගිය දායකකාරකාදීන්ට පින් අනුමෝදන් කිරීමද සිදු විය.

මෙම පින්කම් මාලාව සඳහා කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ‍ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ දායකකාරකාදීන් විශාල පිරිසක් සහභාගි වූහ.

 

–

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාසික් සහ ඇල්ටෝ ධර්මේ  අත් අඩංගුවට ගත් කතාව…

Next Post

 යාපනය නගර මධ්‍යයෙන් රුපියල් කෝටි 7ක ඉඩමක් හොරෙන් ලියාගෙන: ආණ්ඩුකාර නියමයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්! 

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.