දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජූනි මස 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය.
මෙම නඩුවල තීන්දුව අද දිනයේ දී කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මෙහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර සිටියේ තීන්දුව මෙතෙක් සූදානම් වී නොමැති බැවින් එය කල් තබන බවයි.
පසුගිය අප්‍රේල් මස 30 වැනිදා ද මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර, එදින ද එය අද දිනය දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගෙන තිබිණි. ඒ අනුව අද දිනයේ දී දෙවැනි වරටත් නඩු තීන්දුව කල් දැමීම සිදු විය.
ගුණවර්ධන 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ, එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබේ.
මේ පුවතත් බලන්න…
හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද!







