අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනවාසල දුම්රිය අනතුර…. කුඩ්ඩා රුපියල් 3000කට යකඩ වලට විකුණන්න ගලවලා තියෙන්නේ රුපියල් ලක්ෂ 20ක් වටිනා පද්ධතියක්!

by editor
මැයි 17, 2026
in පුවත්
train-derailment-wanawasala-hunupitiya-injured
Share on FacebookShare on Twitter

උපේක්ෂා  උඩුවැරැල්ල –

වනවාසල රේල් පාරේ කොටස් ගැලවූ මත් කුඩුවලට ඇබ්බැහි වූ 25 හැවිරිදි තරුණයා එම යකඩ කොටස් අසල ඇති යකඩ බඩු කඩයකට අලෙවි කර ඇත්තේ රුපියල් තුන්දහසකට බව බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ අද මාධ්‍ය ඉදිරෙියේ පැවසුවේය.

නියෝජ්‍ය පොල්ස්පතිවරයා මේ අනාවරණය සිදුකරන්නේ මේ රටේ මත්කුඩු සඳහා ඇබ්බැහි වූ පුද්ගලයින් විසින් සමස්ථ සමාජයටම අවිඥානිකව සිදුකරන බිහිසුණු අපරාධවල යථාව හෙළි කරමිනි.

කුඩ්ඩා හොරකම් කර තිබුණේ යකඩ බාර් එකකි. ඌ ඒක විකුනා තිබුණේ රුපියල් තුන්දාහකටය. එහෙත් නැති වෙන්නේ රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමක් සහිත සංඥා පද්ධතියකි මේ කොටස ගැලවීමෙන් සංඥා පද්ධතියට වූ හානිය රුපියල් මිලියන දෙකකට අධිකය. ඒ සම්බන්ධව දුම්රිය සංඥා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර අද මාධ්‍ය වෙත කී කතාව නැවත අප සිතා බැලිය යුතුය.

ලක්ෂ 20ක් වටිනා සංවේදක සහිත පද්ධතිය

මේ දුම්රිය මාර්ගය වනවාසලට ඉදිරියේ දී කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට දිවෙන දුම්රිය මාර්ගයට සම්බන්ධ වන්නේය. මේ දුම්රිය මාර්ගය සැකසුනේ අරුවක්කාලු වෙත දුම්රියෙන් කුණු ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙසය. ප්‍රධාන මාර්ගයෙන් මේ අතුරු මාර්ගය වෙත දුම්රිය ගමන වෙනස් කරන පයින්ටුව මෙහෙයවන්නේ මධ්‍යගතවය. එනම් කොළඹ ප්‍රධාන පාලක මැදිරියෙනි. යම් ආකාරයක හෝ ගැටලුවක් පැනනැගුනොත් එය ක්‍රියාකරවීමේ වගකීම කැලණිය දුම්රිය ස්ථානාධිපති වෙත පැවරෙන්නේය.

මේ වනවිට ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක තත්ත්වයේ නැති බැවින් එම ස්ථානය ප්‍රධාන මාර්ගයට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වී තිබෙන්නේය. මෙම පද්ධතිය දෙයාකාරයකින් ක්‍රියා කරන්නේය. ඒ සංඥා පද්ධතිය සමග අන්තර්බද්ධතාවයක් ඇති කරගන්නා සංවේදක කොටසය. අනෙක ප්‍රධාන මාර්ගය සමග අන්තර්බද්ධතාවයක් ඇති කරගන්නා පාලක කොටසය. කුඩ්ඩා ගැලෙව්වේ හුදු යකඩ බාර් එකක් නොව, සංඥාපද්ධතිය සහ මාර්ගය සමග අන්තර්බද්ධතාවයක් ඇති කරන සමස්ථ ව්‍යුහය ය. එහිදී පාලක මැදිරියට දැනෙන්නේ මේ පද්ධතිය ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ වී ඇති බවය. එහෙත් මේ ගලවා දැමීමේ දී දුම්රිය මාර්යට ඇති අන්රබද්ධතාවය ගිලිහිනි.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

මේ සංඥා පද්ධතිය යළි පිහිටුවීම සඳහා පමණක් රුපියල් මිිලියන දෙක්ක වැය වන බව ප්‍රධාන සංඥා ඉංජිනේරුවරයා කීවේය.

 

සමස්ථ හානිය කීයක් විතර  ද?

මීට අමතරව සමස්ථ හානිය ගණනය කිරීමට තව දින දෙකක් ගතවනු ඇති බවත් ඒ සදහා සංඥා අංශයට අමතරව මාර්ග සහ කර්මාන්ත අංශය, දුම්රිය නඩත්තු අංශය වැනි අංශ ගණනාවක් එක්විය යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. එමෙන්ම මගීන් 12 දෙනෙකුට වූ හානිය, රටේ වැය කරන ජනතාවගේ අපතේ ගිය මිනිස් පැය ගණන සම්බන්ධව ගණනයක් නැත.

අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනාගෙන් හය දෙනෙක් රෝහල්ගත කර තිබිණි. ඉන් එක් පුද්ගලයෙක් ඊයේ හවසම ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටවි ගියේය. අද උදෑසන වනවිට තවත් දෙදෙනෙක් රෝහලෙන් පිටවි ගොස් ඇත. දැනට ප්‍රතිකාර ලබමින් ඉන්නේ තිදෙනෙකි. දෙදෙනෙක් පිරිමය. එක් අයෙක් කාන්තාවකි. විසිවී ගොස් පිලී පනින ලද මැදිරය හා අසල නවතා තිබූ වාහනයක් අතරට වැටි අස්ථි බිඳීමට ලක් වුන පිරිමි පුද්ගලයෙක් ඒ අතර වේ. කාන්තාව ගේ ගෙල ප්‍රදේශය හානි වී ඇත. ඔවුන් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අනුදත් වන්දි ක්‍රමයට අනුව වන්දි ලබා දෙන බව ද දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසුහ.

මුරකරුවන් නැති ද?

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව මාර්ගය පරික්ෂා කරන සංචාරක මුරකරුවන් පැය 24 පුරාම සේවයේ යොදවා ඇත්තේ රඹුකන සිට බදුල්ල දක්වා දවෙන මාර්ගයේය. ඔවුන්ගේ රාජකාරියවන්නේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී ඇතිද, ගල් පෙරළී ඇතිද, ස්වභාවික ආපදාවකට ලක් වී තිබේද යන්න විමසීම සහ හානිය අවම කරගැනීමට කටයුතු කිරීමය.

දුම්රිය මාර්ග පරික්ෂා කර එහි බුරුල් වී ඇති අණ තද කිරීම වෙනත් මාර්ග දුබලතා පරීක්ෂා කිරීම මාර්ග පරීක්ෂක පිරිස් රාජකාරි ආරම්භ කරන්නේ උදේ හතට පමණය. අනෙක මේ සිදුවූයේ මොන මිනිස් බලයක් යෙදවූවද වළක්වා ගැනීමට අපහසු අපරාධයකි.

ප්‍රධාන මාර්ගයේ බොහෝ වැදගත් ස්ථාන හොඳන් නඩත්තු වෙනවා සේම පාලනය වන්නේත් මධ්‍යගතවය. උදාහරණයක් ලෙස මේ අනතුර වූ ස්ථානයෙන් එම අනතුර සිදුවීමට පෙර සීඝ්‍රගාමී දුම්රිය තුනක් පැයට කිලෝ මීටර 80 වේගයකින් පසුකර තිබිණි. මේ දුම්රිය වනවාසල දුම්රිය ස්ථානයෙ නවත්වා යළි ගමන් ආරම්භ කර අනතුර සිදුවූ ස්ථානයට එන්නේ අඩු වේගයකිනි. මගීන්ට හා දේපලවලට සිදුවූ හානිය අවම වූයේ ඒ නිසාය.

“මගී ජනතාවගේ වගේම රටේ හැම පුරවැසියෙකුගේම වගකිමක් තියනවා පොදු දේපල ආරක්ෂි කරන්න. දුම්රිය මාර්ගයේ ගමන් කිරිම නීතිවිරෝධියි. එහෙම නීති පනවන්න හේතුවක් තියනවා. මෙතන වැදගත් වන්නේ දේපලවලට හානිය නෙමෙයි. එය අපි කොහොම හරි දරා ගත්තත් ජීවිතවලට වෙන හානිය පූරණය කරන්නෙ කොහොම ද?. මේ යකඩ පීලි දෙක්ක දිගේ රෝද උඩ යන්නේ මහජනාතාවගේ ජීවිත. මේ වගකීම මහා විශාල එකක්ක. ඒ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව ආයතනයක් විදිහට නීති පද්ධතියක් පනත් මගින් සම්මත කරන් තියෙන්නේ. මේවට වන හානිය ප්‍රතිඵළ එන්නේ ජීවිත සහ දේපලවලින්. තනි ආයතනයකට හෝ පුද්ගල කණ්ඩායමකට මේක රකින්න බෑ. අපි එකතුවෙලා තමයි ආරක්ෂා කරන්න ඕන.” දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියන්නේය.

හෙට උදේ සිට දුම්රිය යථා තත්ත්වයට 

මේ වනවිට දුම්රිය මාර්ගයේ කටයුතු යථාවත් වෙමින් ඇති බවත් දොඹකර දෙකක් ගෙන්වා කෙළින්කළ මැදිරි පීලි ගත කර අංගනයට රැගෙන ගිය බවත්, මිලියන දෙකකට වඩා අධික සංඥා පද්ධතිය නැවත ස්ථාපිත කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව අද කීවේය.

හෙට උදෑසන සිට දුම්රිය ගමන යථාවත් වනු ඇත. පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරමින් ඇත. බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ පැවසුවේ පොදු දේපල පනතට ඉදිරියට ගොස් මේ අනතුරේ සමස්ථ අලාභය ගණනය කර ලබා දෙන වාර්තාව මත වැරදිකරුවන් වෙත නඩු පවරන බවය. එම සමස්ථ අලාභය උසාවියට ඉදිරිපත් කිරීම සඳහා හෙට හෝ අනිද්දා දුම්රිය නිලධාරීන් විසින් පොලිසියට නිල වශයෙන් ඉදිරිපත් කරනු ඇත.

සිද්ධිය සම්බන්ධව  නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ද කීවේය.

“ඒ විමර්ශනවලදී අපි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. එම අත්අඩංගුවට ගත් පුද්ගලයා හරහා මේ කොටස් විකිණීම කළ ස්ථානයත් හඳුනාගෙන භාණ්ඩ මිලදී ගත්ත පුද්ගලයත් අත්අඩංගුවට ගත්තා. මේ අනතුරට හේතු වෙලා තිබුණේ කොටස් ගැලවීම සිදුකරලා තිබුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ වයස අවුරුදු 25ක තරුණයෙක්. ඔහු මේ කොටස් විකුණලා තියෙන්නේ රුපියල් තුන්දහසක් වගේ ගාණකට. මේකෙන් වෙච්චි අලාභය මිලියන ගණනක්.”

“අත්අඩංගුවට ගත්ත පුද්ගලයෝ අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. පොදු දේපළ පනතට අමතරව මේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කරන ලද සියලුම හානි සම්බන්ධව අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවා.

සොරබඩු මිලදී ගත් පුද්ගලයා සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩි ස්ථාවරයක සිට කරුණු පැහැදිලි කළේය:

“එම මිලදී ගැනීම සිදුකළ පුද්ගලයාත් අපි අත්අඩංගුවට ගත්තා. සොරකම් කරන ලද භාණ්ඩ, විශේෂයෙන් පොදු දේපළ, දැන දැනම මිලදී ගැනීම සම්බන්ධව අපි ඒ පුද්ගලයාට නඩු පැවරීම සිද්ධ කරනවා. අධිකරණ කටයුතු සිද්ධ කරනවා. සොරබඩු මිලදී ගැනීම වගේ දෙයක් වුණාම වැරදිකාරයෝ වෙලා ඇප ලබාදීලා පැමිණීමේ හැකියාව තියනවා. ඒක රටේ නීතිය. හැබැයි මේ සිද්ධියේදී පොදු දේපළ පනතට එහාට ගිහින්, සිද්ධ වෙච්චි සමස්ත හානිය ගැනම අපි නඩු පවරනවා.”

සැකකරුවන් රිමාන්ඩ්

ඊයේ  (16) දිනයේ දී දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම සහ ඒවා මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනා එළඹෙන මැයි මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට අද (17) සවස කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබිණි.

කුඩ්ඩා මේ දුම්රිය මෙතැන පසු කිරීමට පැය බාගයකට පෙර මේ යකඩ කෑල්ල ගලවාගෙන ගියා නම් අනතුරට ලක් වන්නේ පැයට කිලෝ මීටර 80ක වේගයෙන් මෙම ස්ථානය පසු කරන මඩකලපුව සිට පැමිණි සීඝ්‍රග්‍රාමී දුම්රිය ය. එසේ වුනා නම් අපට අද කතා කරන්නට වෙන්නේ කුමක් ගැනදැයි සිහිවනවිට ඇඟ හිරිවැටෙන්නේය. මේ කුඩ්ඩන් පුනරුත්ථාපනය කිරීමේ ආතල් පසෙක තබා දැනට කඩිනම් ප්‍රායෝගික විසඳුමක් රටට අවශ්‍ය බව පමණක් ලියා තැබීම සුදුසු යැයි සිතමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරීම – ලෝක සෞඛ්‍ය සංවිධානය අද “ගෝලීය මහජන හදිසි අවස්ථාවක්”  ප්‍රකාශ කරයි….

Next Post

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි – අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් ධූරයේ…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.