බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු මුහුදෙන් අද ඇල්ලූ  රුපියල් කෝටි 400ක හෙරොයින් සමඟ මේ වසරේ මේ දක්වා මුහුදින් ඇල්ලූ මත්ද්‍රව්‍යවල වටිනාක කෝටි 29000 පනී…

by editor
අප්‍රේල් 17, 2026
in පුවත්
boat
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකා නාවික හමුදාව දකුණු ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2026 අප්‍රේල් 16 වැනිදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත. නාවික හමුදාවේ දිගු දුර මෙහෙයුම් නෞකා යොදවා සිදුකළ මෙම මෙහෙයුමේදී අදාළ දේශීය බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබී මත්ද්‍රව්‍ය අඩංගු බාලු උර 6ක් සොයාගෙන ඇත.

ඊයේ අත් අඩංගුවට පත් වුන යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට වරාය වෙත රැගෙන ඒම ආරම්භ කළේය. යාත්‍රාව අද උදෑසන වරායට රැගෙන විත් තිබිණි.

වටිනාකම සහ ප්‍රමාණය

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් විශේෂඥ පරීක්ෂාවක් සිදුකරන ලදී. එහිදී එම උර තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 150කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර එහි මුළු බර කිලෝග්‍රෑම් 150කට වඩා වැඩි බව තහවුරු විය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි 400ක් (රුපියල් බිලියන 4ක්) පමණ වන බවත්, එය තවදුරටත් වැඩිවිය හැකි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූ අතර එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙසේ පැවසීය:

“විදේශීය නෞකාවකින් තමයි මේ මත්ද්‍රව්‍ය ලබා දීලා තියෙන්නේ. අපි ළඟ ඒ තොරතුරුත් තියෙනවා. ඒ අනුවත් අපි දැන් ජාත්‍යන්තර ලෙස කටයුතු කරනවා. මට දැන් දැනුම්දුන්නා කිලෝග්‍රෑම් 150කට එහා කියන්නේ අපි වීදි මුදලින් ගත්තොත් කෝටි 400කට වඩා වැඩියි. ඊටත් වඩා වැඩිවෙන්නත් පුළුවන්.”

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ශ්‍රී ලංකා බුද්ධි අංශ සතු තොරතුරු මත පදනම්ව ජාත්‍යන්තර සහයෝගීතාවය ඇතිව ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.

යාත්‍රාවේ සිටි සැකකරුවන් හතර දෙනා මේ වනවිට  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාපටිපාටිය ආරම්භ කර ඇත. ජාවාරම්කරුවන්ගේ ජාලය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මකය.

මෙම වැටලීම රජයේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව සිදුකරන වැඩපිළිවෙළේ තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.

2026 වසරේ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල ප්‍රගතිය

2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට අප්‍රේල් මස 17 වැනිදා වන අද දිනය දක්වා ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට සාගර කලාපය තුළ මහා පරිමාණ මෙහෙයුම් රැසක් දියත් කර තිබේ.

මෙම කාලසීමාව තුළදී පමණක් රුපියල් කෝටි 2,900කට (බිලියන 29කට) අධික වීදි වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොග නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. මෙම දත්තයන්ට අනුව වසරේ මුල් කාර්තුව තුළදීම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන්ට දැවැන්ත මූල්‍යමය සහ සැපයුම්මය බලපෑමක් එල්ල කිරීමට නාවික හමුදාව සමත්ව ඇති බව නිරීක්ෂණය වේ.

විශේෂයෙන්ම මෙම වසරේ මුල් මාස තුන තුළදී රුපියල් කෝටි 2,500ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබූ අතර, අප්‍රේල් මාසයේ ගතවූ දින කිහිපය තුළ සිදුකළ වැටලීම්ද සමඟ එම අගය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මෙම මෙහෙයුම්වලදී බහුදින ධීවර යාත්‍රා 10කට අධික සංඛ්‍යාවක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 55කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර විදේශීය ජාතිකයින්ද සිටින බව බුද්ධි අංශ තහවුරු කරයි. හෙරොයින්වලට අමතරව ‘අයිස්’ (Crystal Meth) සහ කේරළ ගංජා විශාල වශයෙන් මෙරටට ගෙන ඒමට ගත් උත්සාහයන් රැසක් මෙහිදී ව්‍යර්ථ කර ඇත.

නාවික හමුදාව විසින් සිදුකරන ලද දත්ත විශ්ලේෂණයන්ට අනුව, පසුගිය 2025 වසරේදී අත්අඩංගුවට ගත් සමස්ත මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 7,500ක් ලෙස වාර්තා විය. 2026 වසරේ මුල් මාස හතරකට අඩු කාලයකදී රුපියල් කෝටි 2,900ක සීමාව ඉක්මවා යාම තුළින් පෙනී යන්නේ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට දරන උත්සාහය ඉහළ ගොස් ඇති බවය.

එසේ වුවද, රජය ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ යටතේ නාවික හමුදාවේ ගැඹුරු මුහුදු මෙහෙයුම් අංශ සහ බුද්ධි අංශ අතර පවතින දැඩි සම්බන්ධීකරණය හේතුවෙන් මෙම ජාවාරම් බොහොමයක් සාගරයේදීම මැඩපැවැත්වීමට හැකියාව ලැබී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැදුරු ඔයේ ගලී 02ක් මිය යයි… තවත් 06ක් අතුරුදහන්… අවුරුද්ද මළ ගෙයක් කර නිස්කාරණයේ දියබත් වෙන ජීවිත ගැන කතාවක්….

Next Post

ගල්අඟුරු වංචා සෙවීමට ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.