ඉඳුනිල් කහටපිටිය –
අද (04) දහවල් 12 වනවිට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වන බවත් එම දිනය නැවත දීර්ඝ කිරීමට සලකා නොබලන බවත් රජය නිවේදනය කරයි.
මේ වනවිට වෛද්‍ය ක්ෂේත්රය තුළින්ම මතුවෙමින් ඇති කාරණාව වන්නේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෙළඹවීම මත පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා ඉල්ලුම් නොකිරීමේ තත්ත්වයක් ඇති වීමය.
පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතු දිනය අදින් අවසන් වීමට නියමිත බවත් අදින් පසු කිසිම දින දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත් රජය අවධාරණය කර ඇත.
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් යනු වෛද්‍ය පුහුණුව අවසන් කළ පිරිසක් බවත්, ඔවුන්ට කිසිම වෘත්තීය සමිති අයිතිවාසිකමක් නැති බවත් වෛද්‍ය වෘත්තික පිරිස් පෙන්වා දෙති. මේ පිරිස රජයේ පරිවාස සේවය පමණක් නිමා කළ පිරිසකි.
මෙම පිරිස පුහුණුව ලබන්නේ සීමාවාසික තත්ත්වය යටතේය. සීමාවාසික පත්වීම් ස්ථිර පත්වීම් නොවේ. පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා ඉල්ලුම් නොකළහොත් සේවය අත්හැර ගියා සේ සැලකිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින් අඟහරුවාදා ( 31) ප්‍රකාශ කළේ කිසිම ආකාරයකින් මේ අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ නොකරන බවත්, අයදුම් නොකරන සියලු දෙනා සමග ඉදිරියට කිසිම ගනුදෙනුවක් පවත්වා ගත නොහැකි බවත්ය.
මේ ලිපියත් කියවන්න…







