ඉඳුනිල් කහටපිටිය –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා තමන් කිසිදු අයුරකින් සම්බන්ධ නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) අවධාරණය කරයි.
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී සත්කාරක සේවාවන්ට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන බව ද එම සංගමය පවසයි.
කෙසේ වෙතත්, ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන් සැලකිය යුතු පිරිසක් විශේෂඥ වෛද්‍යවරුන් හා එක්ව රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබා දෙන සහයෝගය අගය කරන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මහජනතාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් තම සාමාජිකයින් සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත්, සියලු විශේෂඥ වෛද්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම සංගමය අවධාරණය කරයි.

මේ ලිපියත් කියවන්න…







