උපේක්ෂා උඩුවැරැල්ල –
සෞදි අරාබියේ පිහිටි ප්‍රධානතම ඇමරිකානු යුධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්වන ‘ප්‍රින්ස් සුල්තාන්’ (Prince Sultan) ගුවන් කඳවුර වෙත ඉරානය විසින් එල්ල කරන ලද ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු ගුවන් හමුදාවට විශාල මූල්‍ය සහ ක්‍රමෝපායික හානියක් සිදුව තිබේ.
2026 මාර්තු 27 වන සිකුරාදා රාත්‍රියේ (ප්‍රාදේශීය වේලාවෙන් සෙනසුරාදා අලුයම) එල්ල වූ මෙම ප්‍රහාරය, දැනට පවතින ඇමරිකානු – ඉරාන ගැටුමේ වඩාත්ම දරුණු අවස්ථාව ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වා දෙති. ඉරානයේ රජයේ පුවත් සේවය වන ‘ප්‍රෙස් ටීවී’ (Press TV) මෙම ප්‍රහාරයේ වගකීම විවෘතව භාරගෙන ඇති අතර, මෙය ඇමරිකානු ක්රියාකලාපයන්ට එරෙහිව එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් බව ඔවුන් අවධාරණය කරයි.

ප්‍රහාරයේ ස්වභාවය සහ තාක්ෂණික තොරතුරු
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, රියාද් නුවරට කිලෝමීටර් 96ක් පමණ නුදුරින් පිහිටි මෙම ගුවන් කඳවුර ඉලක්ක කර ඉරානය විසින් බලගතු බැලිස්ටික් මිසයිල 6ක් සහ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා 29ක් පමණ යොදාගෙන ඇත. මෙම ප්‍රහාරය කෙතරම් සැලසුම් සහගතව සිදුකර ඇත්ද යත්, කඳවුරේ ස්ථාපනය කර තිබූ ගුවන් ආරක්ෂණ පද්ධති පවා අභිබවා යාමට ප්‍රහාරක මිසයිල සමත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් සිදුවූ දේපළ හානිය සලකා බැලීමේදී, ඇමරිකානු ගුවන් හමුදාව සතු අතිශය දුර්ලභ ‘Boeing E-3 Sentry AWACS’ වර්ගයේ යානයක් විනාශ වීම ප්‍රධාන තැනක් ගනී. ’81-0005′ අනුක්‍රමික අංකය යටතේ ලියාපදිංචි කර තිබූ, ඔක්ලහෝමා හි ‘ටින්කර්’ ගුවන් කඳවුරට අයත් මෙම E-3G මාදිලියේ යානය ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කඳවුරේ නැවැත්වූ ස්ථානයේදීම ගිනිබත් වී ඇත.
‘අහසේ ඇස’ (Eye in the Sky) ලෙස හඳුන්වන මෙම යානය, සතුරාගේ ගුවන් යානා සහ මිසයිල නිරීක්ෂණය කිරීම මෙන්ම යුධ පිටියේ සියලු මෙහෙයුම් පාලනය කරන ප්‍රධාන පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීම ද සිදුකරයි. ඇමරිකානු ගුවන් හමුදාව සතුව දැනට පවතිනුයේ මෙවැනි යානා 16ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් පමණි. එවැනි යානයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 700කට (ශ්‍රී ලංකා රුපියල් බිලියන 200කට අධික) වඩා වැඩි බවත්, මෙය යළි අලුත්වැඩියා කළ නොහැකි මට්ටමට පත්ව ඇති බවත් ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත තහවුරු කරයි. මීට අමතරව, ගුවනේදී ඉන්ධන පිරවීමට යොදාගන්නා ‘KC-135 Stratotanker’ වර්ගයේ යානා කිහිපයකට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇත.
මිනිස් ජීවිත හානිය සහ වත්මන් තත්ත්වය
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටි ඇමරිකානු හමුදා සෙබළුන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය පවසයි. තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර, තවත් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටිති. මාර්තු මස මුලදී ද මෙම කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් එක් සෙබළෙකු ජීවිතක්ෂයට පත්වූ බැවින්, ප්‍රින්ස් සුල්තාන් කඳවුර මේ වන විට ඉරාන ඉලක්කයන්හි ප්‍රමුඛතම ස්ථානය බවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) මෙම හානියේ ප්‍රමාණය පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට මැලිකමක් දක්වයි.
ඇමරිකාවේ ප්‍රතිචාරය සහ ගෝලීය බලපෑම
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග කලාපයට අතිරේක හමුදා බලඇණි කැඳවීමට නියෝග කර ඇත. ඒ අනුව මැරීන් භටයින් 2,500ක් රැගත් ‘USS Tripoli’ නෞකාවත්, ‘USS Boxer’ ඇතුළු තවත් යුධ නෞකා කිහිපයක් ද මේ වන විට කලාපය වෙත ළඟා වෙමින් පවතී. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසන්නේ ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවයි.
පස්වන සතියටත් ක්‍රියාත්මක වන මෙම ගැටුම හේතුවෙන් ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මෙම ප්‍රධාන නාවික මාර්ගය යළි විවෘත කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් අප්‍රේල් 6 වනදා දක්වා ඉරානයට අවසාන නිවේදනයක් නිකුත් කර ඇත.







