බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පිළිතුර ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක්: රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳ විමර්ශන ප්‍රමාද වෙයි!

by editor
මාර්තු 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2023 වසරේදී හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවත්වන විමර්ශනවලට අදාළව, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ලබාදුන් පිළිතුර පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මෙම මතභේදය හේතුවෙන්, මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනැමූ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ විමර්ශන අවසන් කිරීම ප්‍රමාද වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ගිය සතියේ සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණේ  එම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස රනිල් වික්‍රමසිංහට තමන් ආරාධනා කළ බව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම් දී  තිබුණ බවය. නීතිපති දෙපාර්තමේන්තුවේ එක් පාර්ශ්වයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය අනුමත කරන බවත් තවත් පාර්ශ්වයක් එය පිළිගත හැකි බවට අදහස් දක්වන බවත් අද සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාලයේ මෙම ප්‍රතිචාරය, නඩු මෙහෙයවනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වෙත ඉදිරිපත් කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව මෙම පිළිතුර සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම තත්ත්වය හේතුවෙන් විමර්ශන අවසන් කිරීම සහ අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීම හෝ ඉවත් කිරීම ප්‍රමාද වී තිබේ.

මේ අතර, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු සාම්පල සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් නීතිපතිවරයා වෙත ලැබී නොමැත.

අදාළ වාර්තා කඩිනමින් ලබා ගන්නා ලෙසත්, මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව සඳහන් වේ.

මෙම නඩුව අප්‍රේල් 28 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය කොඩිකාමම්හිදී වැලි ජාවාරම්කරුවන් පොලිස් සැරයන්වරයෙකු ටැක්ටරයට යටකර මරා දමයි!

Next Post

ඉන්දියාවෙන් ඉන්ධන නැවක් අද දිවයිනට: උත්සව සමයේ හිඟයකින් තොරව ඉන්ධන ලබාදෙන බවට සහතිකයක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.