සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඉරානය දිගටම විනාශ කරනවා; බලශක්ති අර්බුදය මං හිතපු තරම් දරුණු නෑ” – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!

by editor
මාර්තු 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉරානය සමඟ පවතින යුද්ධය පිළිබඳව ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉරානය සමඟ සාම ගනුදෙනුවකට එළඹීමේ හැකියාව පිළිබඳව තමන්ට දැඩි සැකයක් පවතින බවයි. සටන අවසන් කර සාකච්ඡා මේසයට පැමිණීමේ සම්පූර්ණ වගකීම ඉරානය සතු බව පැවසූ ට්‍රම්ප්, “එතෙක් අපි කිසිදු බාධාවකින් තොරව ඔවුන්ව විනාශ කිරීම දිගටම කරගෙන යනවා” යනුවෙන් ඉතා දැඩි ප්‍රකාශයක් සිදු කළේය.

න්‍යෂ්ටික අභිලාෂයන් සහ තෙල් සැපයුම

ඉරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් ස්ථිරවම අත්හැරිය යුතු බවත්, එසේ වුවහොත් නව මාවතක් ඔස්සේ ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් ට්‍රම්ප් පැවසීය. කෙසේ වෙතත්, යුද්ධයට පෙර පැවති සාකච්ඡාවලදී යුරේනියම් පිරිපහදු කිරීමේ අයිතිය තමන් සතු බව ඉරාන නිලධාරීන් තරයේ කියා සිටීම නිසා ඔවුන් සාමයට සූදානම් නැති බව ඇමරිකානු නිලධාරීන් නිගමනය කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ට්‍රම්ප් පනවා තිබූ සිකුරාදා අවසාන දිනය (Deadline) සම්බන්ධයෙන් ඔහු නම්‍යශීලී වී ඇත. එය තවදුරටත් දීර්ඝ කළ හැකි බව ඉඟි කරමින් ඔහු පැවසුවේ “ට්‍රම්ප් වේලාවෙන් එක දවසක් කියන්නේ සදාකාලික කාලයක්” බවයි.

ඉරානයේ තෙල් සැපයුම පාලනය කිරීම (Taking over) විකල්පයක් ලෙස තවමත් පවතින බවත්, එහි අවසානය වෙනිසියුලාවේ තත්ත්වයට සමාන විය හැකි බවත් ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. මීට අමතරව, සාකච්ඡාවල කොටසක් ලෙස ඉරානය විසින් “තෙල් බෝට්ටු 10ක්” ඇමරිකාවට ලබා දුන් බවද ඔහු මෙහිදී අනාවරණය කළේය..

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ලෝක තෙල් අර්බුදය සහ ගෑස් මිල

යුද්ධය හේතුවෙන් ඉහළ යන ගෑස් මිල සහ කොටස් වෙළඳපොළේ කඩාවැටීම තමන් සිතූ තරම් දරුණු වී නැති බව ට්‍රම්ප් පැවසුවද, ෆෙඩරල් ගෑස් බද්ද අත්හිටුවීමේ විකල්පය තවමත් පවතින බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම  ජර්මානු නායකයන් මෙම යුද්ධයට සහය නොදීම සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය පළ කරමින් කියා සිටියේ, යුක්රේන යුද්ධයේදී ඇමරිකාව මිත්‍ර පාර්ශවයන්ට සහය දුන් පසුබිමක ජර්මනියේ මෙම හැසිරීම අනුචිත බවයි.

ට්‍රම්ප් මොනවා කීව ද  ඉරාන යුද්ධයේ බලපෑම ලෝකයටම දැනෙන්නට පටන් ගෙන ඇත. පිලිපීනය දැනටමත් ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔවුන් සතුව පවතින්නේ තවත් දින 40-45කට පමණක් සෑහෙන තෙල් සංචිතයකි. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් පවසන්නේ ලෝකයේ ප්‍රමාණවත් තරම් තෙල් පවතින නමුත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා එම තෙල් බෙදා හැරීමේ දැවැන්ත අවහිරතාවයක් පවතින බවයි.

 කලාපීය ගැටුම් උත්සන්න වෙයි

උතුරු ඊශ්‍රායලයේ නහාරියා නගරයට හිස්බුල්ලා සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙය යුද්ධය ආරම්භ වූ පසු හිස්බුල්ලා ප්‍රහාරයකින් සිදු වූ දෙවන සිවිල් මරණයයි. මීට අමතරව ඉරාන මිසයිල ප්‍රහාර හේතුවෙන් ටෙල් අවිව් ඇතුළු ප්‍රදේශ රැසක තවත් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසන්නේ ඇමරිකානු ප්‍රහාර මාලාව සාර්ථක වී ඇති බවත්, එමඟින් ඉරාන පාලනයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඇති මාවත් අවහිර වී ඇති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 20කට පසු රවිරාජ් ඝාතන නඩුව යළිත් මුල සිට – 2016 තීන්දුව බලශූන්‍ය කෙරෙන නඩු විභාගයට මුල් වූ සිදුවීම් පෙළ ගැස්මක්!

Next Post

ඕනෑම අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.