රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව අද (26) පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් ඇත.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බැවින් මෙලෙස රෝහලෙන් පිටත් කර යැවූ බවයි. රෝහලෙන් පිටව යාමත් සමඟ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත රැගෙන ගොස් තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි







