බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවට අවි අලෙවිය ස්විට්සර්ලන්තය වහාම නවත්වයි: හේතුව මෙන්න!

by editor
මාර්තු 21, 2026
in පුවත්
israel-iran-swiss-us-topart-tvmc-jumbo
Share on FacebookShare on Twitter

ඉරානය සමඟ පවතින සන්නද්ධ ගැටුම් සැලකිල්ලට ගනිමින්, ස්විට්සර්ලන්තය විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත සිදුකරන සියලුම නව අවි අපනයන බලපත්‍ර අත්හිටුවීමට තීරණය කර ඇති බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කරයි.

සන්නද්ධ ගැටුම්වල නිරත රටවල් සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය අනුගමනය කරන දැඩි මධ්‍යස්ථ ප්‍රතිපත්තිය (Strict Neutrality) මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.

“ඉරානය සමඟ පවතින ජාත්‍යන්තර සන්නද්ධ ගැටුමට සම්බන්ධ රටවලට යුද උපකරණ අපනයනය කිරීම, මෙම ගැටුම පවතින කාලසීමාව තුළ අනුමත කළ නොහැක,” යනුවෙන් එරට රජය සිකුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය වෙත යුද උපකරණ අපනයනය කිරීමට දැනට අවසර ලබා දිය නොහැකි බව රජය අවධාරණය කරයි.

ජර්මනියට පසුව ස්විස් අවි සඳහා පවතින දෙවන විශාලතම වෙළඳපොළ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයය. 2025 වසරේදී පමණක් ඇමරිකාව ස්විට්සර්ලන්තයෙන් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 94.2ක් (ඇමරිකානු ඩොලර් මිලියන 120ක් පමණ) වටිනා යුද උපකරණ මිලදී ගෙන ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම තහනම ස්විට්සර්ලන්තය සහ ජර්මනිය පදනම් කරගත් ප්‍රබල කුඩා අවි නිෂ්පාදකයෙකු වන ‘සිග් සවර්’ (SIG Sauer) සමාගමේ නිෂ්පාදනවලින් කොටසකටද බලපානු ඇත. මෙම සමාගමේ ගිනි අවි ඇමරිකානු හමුදාව සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් බහුලව භාවිත කරනු ලබයි.

පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට ඇමරිකාවට අවි අපනයනය කිරීම සඳහා කිසිදු නව බලපත්‍රයක් නිකුත් කර නොමැති බව රජය පවසයි. ස්විස් මධ්‍යස්ථතා නීති යටතේ ඉදිරි ක්‍රියාමාර්ග අවශ්‍ය දැයි සොයා බැලීම සඳහා අන්තර් දෙපාර්තමේන්තු ආයතනයක් මගින් මෙම අලෙවි කටයුතු නිතිපතා සමාලෝචනය කරනු ඇත. කෙසේ වෙතත්, මීට පෙර ලබා දුන් බලපත්‍ර යටතේ සිදුකරන අලෙවි කටයුතු දිගටම කරගෙන යාමට බාධාවක් නොමැති බවද සඳහන් වේ.

ඊශ්‍රායලය හෝ ඉරානය වෙත අවි අපනයනය කිරීම සඳහා වසර ගණනාවක සිට බලපත්‍ර ලබා නොදීමට ස්විට්සර්ලන්තය කටයුතු කර තිබේ.

ස්විට්සර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවතී. විශේෂයෙන්ම ටෙහෙරානයේ පිහිටි ස්විස් දූත මණ්ඩලය හරහා ඉරානයේ සිටින ඇමරිකානු කොන්සියුලර් අවශ්‍යතා කළමනාකරණය කරන්නේද ස්විට්සර්ලන්තයයි.

එමෙන්ම පෙබරවාරි මාසයේදී ඉරානය සමඟ පැවැති න්‍යෂ්ටික සාකච්ඡා වට දෙකක් සඳහා මෙන්ම යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා සඳහාද ස්විට්සර්ලන්තය පහසුකම් සලසා දී තිබුණි.

එසේ වුවද, ස්විස් මධ්‍යස්ථතා නීති හේතුවෙන් ඇමරිකාව විසින් මේ සතිය මුලදී ඉදිරිපත් කළ ඉල්ලීම් දෙකක් ප්‍රතික්ෂේප කිරීමට එරට රජයට සිදු විය. ඒ ඔත්තු බැලීමේ ගුවන් යානා සඳහා ස්විස් ගුවන් සීමාව භාවිත කිරීමට කළ ඉල්ලීම්ය.

කෙසේ වෙතත්, ප්‍රවාහන ගුවන් යානා දෙකක් සහ නඩත්තු ගුවන් යානයක් ඇතුළුව අනෙකුත් ඇමරිකානු ගුවන් යානා තුනකට ස්විස් ගුවන් සීමාව හරහා පියාසර කිරීමට අවසර ලබා දී ඇත.

“යුද්ධයට සම්බන්ධ පාර්ශ්වයන් විසින් යුදමය අරමුණු වෙනුවෙන් ස්විස් ගුවන් සීමාව භාවිත කිරීම මධ්‍යස්ථතා නීතිය මගින් තහනම් කර ඇත. නමුත් මානුෂීය සහ වෛද්‍ය කටයුතු සඳහා මෙන්ම තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීමට සහ යුද්ධයට සම්බන්ධ නොවන පියාසර කිරීම් සඳහා අවසර ලබා දෙනු ලැබේ,” යනුවෙන් රජය වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

නිව්යෝක් ටයිම්ස් වාර්තාව පහත සබැඳියෙන් ලබා ගන්න…

https://www.nytimes.com/2026/03/20/world/middleeast/switzerland-halts-arms-sales-us.html?smid=whatsapp-nytimes

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරානයෙන් ඉන්දීය සාගර කලාපයේ පිහිටි දියේගෝ ගාසියා අමෙරිකානු කඳවුරට මිසයිල ප්‍රහාරයක්!

Next Post

ඩොලර් බිලියන 267ක මන්නාරම් තෙල් සම්පත තවමත් පොළොව යට – ආයෝජකයෙකු නැතිව වසර 15ක් පමාවෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.