සූරියවැව – නුවන් ජයසේකර –
හම්බෙගමුව, රතබලාගම, හිදුරුගස් වැව් රක්ෂිතයේ පවත්වාගෙන ගිය රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ගංජා හේන් තුනක් වැටලීමට හම්බෙගමුව පොලීසිය සමත්ව තිබේ.
ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී ගංජා වගාවේ නිරතව සිටි සැකකරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා ප්රදේශයෙන් පලාගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
පොලීසිය සඳහන් කළේ වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ වගාබිම්වල තිබූ ගංජා ගස් 50,000ක් පමණ ගලවා ගිනි තබා විනාශ කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පලාගිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







