අසේල කුරුළුවංශ
ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙත අද උදෑසන ( 17) පිළිගන්වනු ලැබිණ.
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අතිපූජනීය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක මාහිමිපාණන්වහන්සේ වෙත එකී නැකැත් සීට්ටුව පිළිගැන්වීමේ අවස්ථාවට බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා පුද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන අය සහභාගි වූහ.
ඉතා ම විවාදාපන්න ව තිබූ අවස්ථාවක් මනා ලෙස විසඳාගෙන රටෙහි ජනප්‍රජාව අවිනිශ්චිතතාවෙන් මුදවාලීමට කටයුතු කිරීම පිළිබඳ ව උන්වහන්සේලා රජය වෙත ප්‍රශංසාව පිරිනැමූහ.







