බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි: G7 රටවලින් හදිසි මැදිහත්වීමක් – ශ්‍රී ලංකාවට කුමක් වෙයි ද?

by editor
මාර්තු 9, 2026
in සමාජ
Large-crude-oil-stoks-at-global-oil-supply-and-fuel-price-impact-in-Sri-Lanka-due-to-Middle-East-conflict
Share on FacebookShare on Twitter

උපෙක්ෂා උඩුවැරැල්ල –

දැඩි යුධමය උණුසුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු පළමු වතාවට බැරලයක් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා ගත හැකි පියවර සාකච්ඡා කිරීමට ජී-7 (G7) රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ

විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් මෙහිදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සම්බන්ධීකරණය යටතේ හදිසි ඉන්ධන සංචිත වෙළෙඳපොළට මුදා හැරීමේ යෝජනාවක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඇමරිකානු තෙල් සංචිත

ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් මෙයට එකඟතාව පළ කර ඇති අතර, යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම තක්සේරු කිරීම සඳහා IEA විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් ද අද මධ්‍යහ්නයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතය.

අද දිනයේදී බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ ගිය අතර, පසුව එය ඩොලර් 107.39 දක්වා යම් පහත බැසීමක් පෙන්නුම් කළේය. එසේම ඩබ්ලිව්.ටී.අයි (WTI) තෙල් මිල ද ඩොලර් 117.66 දක්වා ඉහළ ගොස් පසුව ඩොලර් 103.59 දක්වා අඩු විය.

මෙලෙස මිල යම් ප්‍රමාණයකින් පහත වැටුණේ G7 රටවල් සතු හදිසි තෙල් සංචිතවලින් බැරල් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් වන බවට ලැබුණු වාර්තාත් සමඟය. මෙය IEA සතු සමස්ත හදිසි සංචිතවලින් 25%ත් 35%ත් අතර ප්‍රමාණයකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය ආකාරය..

ශ්‍රී ලංකාවේ තෙල් මිලට අත් විය හැකි ඉරණම පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනයක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි ආනයනික ඉන්ධන මත යැපෙන රටකට එල්ල කරන්නේ ප්‍රබල ආර්ථික බලපෑමකි. පවතින දත්ත සහ මිල සූත්‍ර ක්‍රියාවලියට අනුව මෙම තත්ත්වය විද්‍යාත්මකව විශ්ලේෂණය කළහොත් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි ඉරණම මෙසේය:

  1. පිරිපහදු කළ තෙල් මිල (Singapore Platts) සහ බොරතෙල් මිල අතර වෙනස

ශ්‍රී ලංකාව බොරතෙල්වලට වඩා වැඩිපුර ආනයනය කරන්නේ පිරිපහදු කළ ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) වේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල (Brent) ඩොලර් 100 සීමාව ඉක්මවා යන විට, සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) මිල ඊටත් වඩා ඉහළ අගයක් ගනී. බොරතෙල් මිල 15% කින් ඉහළ යන විට, පිරිපහදු කළ ඉන්ධන මිල සාමාන්‍යයෙන් 18% – 22% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය.

  1. ඉන්ධන මිල සූත්‍රය සහ දේශීය මිල සංශෝධනය

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ඉන්ධන මිල සූත්‍රය අනුව, දේශීය මිල තීරණය වන්නේ ප්‍රධාන සාධක තුනක් මතය:

  • ගොඩබෑමේ පිරිවැය (Landing Cost): ජාත්‍යන්තර මිල + නැව් ගාස්තු + රක්ෂණ ගාස්තු.
  • විනිමය අනුපාතය (Exchange Rate): රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය.
  • බදු සහ මෙහෙයුම් පිරිවැය (Taxes & Operational Costs): රජයේ බදු, ප්‍රවාහන සහ බෙදා හැරීමේ වියදම්.

බොරතෙල් මිල ඩොලර් 107 සීමාවේ ස්ථාවර වුවහොත්, වත්මන් මිල සූත්‍රයට අනුව ලංකාවේ ඉන්ධන මිල ලීටරයකට රුපියල් 40 – 70 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට දැඩි පීඩනයක් එල්ල වේ.

  1. විනිමය සංචිත සහ රුපියලේ අගය හෑල්ලු වීම

තෙල් මිල ඉහළ යාම යනු තෙල් ආනයනය සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටතට ගලා යාමය. ශ්‍රී ලංකාව මසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 350 – 450 ක තෙල් ආනයනය කරයි නම්, මිල 20% කින් වැඩි වීමත් සමඟ අමතර ඩොලර් මිලියන 80-90 ක් මාසිකව සොයා ගැනීමට සිදු වේ. මෙලෙස ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩි වීම නිසා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් පවතී.

  1. උද්ධමනය සහ සැපයුම් දාමයට එල්ල වන බලපෑම

විද්‍යාත්මකව බලන කල, ඉන්ධන මිල ඉහළ යාම “Cost-push inflation” (පිරිවැය මත පදනම් වූ උද්ධමනය) ඇති කරයි.

  • ප්‍රවාහන වියදම්: ඩීසල් මිල වැඩි වීම නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යයි.
  • විදුලි බලය: තාප විදුලි ජනනය සඳහා වැය වන පිරිවැය ඉහළ යාම නිසා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සිදු විය හැකිය.
  • කෘෂිකර්මය සහ නිෂ්පාදන: යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට යන පිරිවැය වැඩි වීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යයි.

රටක මිනිස්සු විදිහට හිතන්න මොහොතක්…  

අවබෝධ කරගත යුතු මූලික කාරණාවක් තිබේ.  ලෝකය මුහුණ දෙන අර්බුදයකින් වියුක්ත වීමට ඒ ලෝකය ඇතුළේ ඇති රටකට නොහැකිය.  අසීරුවෙන් ඩොලර් සංචිත රැස් කරගෙන ඉන්ධන ආනයනය කරන කුඩා රටක් ලෝකයේ එහා කොණේ ඉන්නා උන් උන්ගේ බලය වෙනුවෙන් මරා ගන්නවිට ඒ පීඩනයෙන් තැලී පොඩිවී යෑම මේ මොහොතේ සිදුවිය හැක්කක්ව තිබේ.

දින කීපයකට පෙර හැදුන තේරුමක් නැති තෙල් පෝලිම්…

තේරුම් ගත යුත්තේ මෙම තත්ත්වය සදාකාලික  අර්බුදයක් නොවන බවය. අර්බුදයට ලංකාවේ මිනිස්සුන් ලෙස මුහුණ දීමට තමන්ගේ ගෙදර එකතු කරගන්නා පෙට්‍රල් ලීටරය හෝ දෙක ප්‍රමාණවත් නොවන බවය.   මේ අවබෝධය පුරවැසියන් ලෙස අඩුම තරමින් මාස කීපයකට හෝ නොතිබුණහොත් ජාතියක් වශයෙන් අප පත්වන බිහිසුණු තත්ත්වය සම්බන්ධව වෙනම තක්සේරුවක් රජයට තිබිය යුතුය. මක්නිසාද යත්  මේ ජනතාව එක් මොහොතකින් වෙන්සවන සුළු බියපත් සහ තැතිගන්නා බහුතරයකගෙන් සමන්විත ආත්මාර්ථය ප්‍රමුඛ කරගත් පිරිසක්  වීමය.

යම් අවබෝධයක් ඇති පුරවැසියෙක් වේ නම් පොදුවේ මේ අවස්ථාවට මුහුණ දීමේ සැබෑ අර්ථය තේරුම් ගත යුතුය. සැකයක් උපන් වහාම තෙල් පෝලිම් හදාගෙන අනවශ්‍ය පරිභෝජනයක් ඇතිකරවන  ඉන්ධන එක් රැස් කීරීමේ අමානුෂික උත්සාහය සහ වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ කුපාඩි අභිලාෂය වැලැක්වීම වෙනුවෙන් නීතිය ක්‍රියාත්ම කිරීමේ සැලසුමක් අවශ්‍ය වී තිබේ. ගමේ ෂෙඩ් එකේ පොම්ප කරුවා මේ අශිෂ්ට තෙල් රැස් කරන්නන් ගැන දන්නා බව ගමේ පොලිසියේ ඉන්ට් එකේ එකා දනී.  කළ යුත්ත ගැන නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අමුතුවෙන් කිව යුතු නැත.

එමෙන්ම  මින් පෙර සාර්ථකව භාවිතා වුන QR කේත ක්‍රමය යළි රැගෙන ඒමට ක්‍රමානුකූල ක්‍රමවේදයක් ඇති කිරීම වඩාත් ප්‍රායෝගික පිළිතුර වනු ඇති බව සිතේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැරම් බෝඩ් නඩුව: මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි!

Next Post

  සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.