මනම්පිටිය නිමල් ජයරත්න –
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ පවුල් 1359 ක සාමාජිකයින් 4129 දෙනකු තවමත් දිස්ත්‍රික්ක හතරක සුරක්ෂා මධ්‍යස්ථාන 49 ක රැඳීසිටින බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහක සුරක්ෂා මධ්‍යස්ථාන 2597 පිහිටුවා තිබූ බවද ඔහු කීවේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වන්දි ලබාදීම පිළිබඳව සහ එම පවුල්වල තත්ත්වය පිළිබඳ අප කළ විමසීමකදී පාලිත උපුල් කුමාර ඒ බව පැවසීය.
මෙම සුළි කුණාටුවට නිසා පුද්ගලයින් 676 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 155 දෙනෙකු අතුරුදහන් සිටින බවත්, 261 දෙනෙකුට තුවාල සිදුව ඇති බවද පාලිත උපුල් කුමාර වැඩිදුරටත් සඳහන් කළේය.
සුළි කුණාටුව නිසා ශ්‍රි ලංකාවේ පවුල් 7,03922 ක පුද්ගලයින් 24,87,114 පීඩාවට පත් වූ බවද හෙතෙම පැවසීය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස 6088 කට පූර්ණ හානි සිදුව ඇති අතර, නිවාස 1,18,885 කට අර්ධ හානි සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.







