තලංගම අකුරේගොඩ ප්රදේශයේ පිහිටි කීල්ස් සුපිි වෙළඳෙසලේ රථ ගාලේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙක් මෝටර් රථයක් තුළ වෙඩි තබා ඝාතනය කර තිබේ.
වෙඩිවැදීමෙන් එම දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකි. වාර්තාවන පරිදි මෙසේ ඝාතනය වී ඇත්තේ බුද්ධික ගයාන් මල්ලවආරච්චි නැමැති නීතිඥවරයා සහ ඔහුගේ බිරිය වන වෙල්ලාල ආරච්චිගෙ නිසංසලා ය.
නීතිඥවරයා සහ බිරිය BCM 6640 අංක දරන ටොයොට යාරිස් වර්ගයේ රථයෙන් රථ ගාලට පැමිණෙන අවස්ථාවේ දී රථ ගාල අසල රැක සිට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මෙම ද්විත්ව ඝාතන සිදුකර තිබේ.
ඝාතනයෙන් අනතුරුව ඝාතකයින් දෙදෙනා අලුපාට හොන්ඩි සිවික් වර්ගයේ රථයකින් අතුරුගිරිය දෙසට පලා ගොස් ඇත.
අතුරුගිරිය පෝරේ පදිංචි මෙම නීතිඥවරයා ගේ මුල් ගම් දකුණට සම්බන්ධ බවත්, ඔහු කරන්දෙණිය සුද්දා, ලොකු පැටී ඇතුළු දකුණේ පාතාල අපරාධකරුවන්ගේ නඩු ගණනාවකට පෙනී සිටි නීතිඥයෙක් බවත් විමර්ශන අංශ පවසයි.
ඝාතන සම්බන්ධ විමර්ශන ක්රියාත්මකය.







