මනම්පිටිය නිමල් ජයරත්න –
වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් හයවෙනිදා සවස සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි.
පොළොන්නරුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුනු තොරතුරකට අනුව අරලගංවිල විශේෂ කාර්ය බලකා නිළධාරීන් සමග එක්ව මෙම රොකට් විදන සොයාගත් බව පොලිසිය පවසයි.
පාලත්චේනෙයි, කුඩුම්බිමලෙයි ප්රදේශයේ වල දමා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන එම ප්රදේශයේම සඟවා තිබු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත්තේ භාවිතයට සුදුසු ස්වීඩනයේ නිෂ්පාදිත 84mm RCL M2 වර්ගයේ රොකට් විදිනයන් 03 ක් බවද පොලිස පවසයි.
වාලච්චේන සහකාර පොලිස් අධිකාරි එම්.එස්.එම්.ජරූල් ගේ උපදෙස් මත,වාලච්චේන පොලිසිය මේ පිලිබද වැඩිදුර පරික්ෂණ සිදුකරයි.







