ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මිනී මැරුම් කප්පම් ගැනීම් මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ප්‍රධානම සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ රසල් ස්මිත් නැමැත්තා විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඩුබායි ජාතික සංචාරකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිදුකරන සැලසුමක් සංවිධානාත්මක අපරාධකරුවන් සිවු දෙනෙක් විසින් සිදුකරන සංවාදයක හඬ පටයක් ඔස්සේ අනාවරණය වී තිබේ.
මෙම සංවාදයේ නිරත වන්නේ රට තුළ අපරාධ කර රටින් පැනගොස් විදේශගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් කුලියට මිනී මරවමින් සිටින රටට අවශ්‍ය අපරාධකරුවන් සිවු දෙනෙක් වූ වැල්ලේ සාරංග, රසල් ස්මිත්, කුඩු ලාල් සහ ප්‍රංශ රූබන් යන අපරාධකරුවන් අතරය.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින, ජූඩ් ප්‍රියන්ත, වැල්ලේ සාරංග, සහ රසල් ස්මිත් සම්බන්ධව ඩුබායි පොලිසිය විමර්ශන සිදුකරමින් ඔවුන් පීඩාවට පත් කරවමින් සිටින බැවින් ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට එන ඩුබායි ජාතික සංචාරකයින්ට ලංකාවේ දී පහර දිය යුතු ආකාරය සම්බන්ධව රසල් ස්මිත් නැමැත්තා මෙම හඩ පටයේ දී ප්‍රකාශ කරනු ඇසේ.
රට ගොඩනැගීම සඳහා ප්‍රධානම විදේශ විනියමය උපාය මාර්ගය ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම්වල රජය නියතව සිටිය දී ශ්‍රී ලංකාවට අතිශය ඉහළ ආර්ථික ප්‍රතිලාභ ගෙන එන මිත්‍ර රාජ්‍යයක් වූ ඩුබායි රාජ්‍යයේ පුරවැසියන්ට ලංකාවේ දී පාතාල කල්ලියක් විසින් පහර දීමට සැලසුම් කිරීමක් සම්බන්ධව කෙරෙන මෙම සංවාදය විශාල බරකින් යුතුව ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.







