මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව පූනානි පිහිටි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හැදරු සිසුන් සඳහා පලමු උපාධි සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ එම්.එල්. එම්.ඒ.හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (02) වෙනිදා සිදුවිය.

මෙහිදී ,පොළොන්නරුව, අනුරාධපුරය, මාතලේ, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක, සිංහල, දමිළ, මුස්ලිම්, සිසුන් 170 කට ආසන්න සංඛ්‍යාවක් උපාධිය සහතිකපත්‍ර ලබා ගත්හ.
ඒ අනුව ACCA ගණකාධිකරණය සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාව 40 දෙනෙකු සඳහාත්, ප්‍රමාණ සමීක්ෂණ සහකාර 21 ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ සහතික 69 ක් සඳහාත්, ඉංග්‍රීසි පාඨමාලා හැදෑරූ සිසුන් 120 දෙනෙකු සඳහාත් සහතික පත්‍ර ලබාදීම මෙහිදී සිදුවිය. .

ෂරියා විශ්ව විද්‍යාලය නමින් ප්‍රකට මෙම විශ්ව විද්‍යාලය කොරෝනා වසංගතය සමයේදී නිරෝධායන මධ්‍යස්ථානය ලෙසත්, රෝ ගීන්ට ප්‍රතිකාර කිරීම මධ්‍යස්ථානය ලෙසත් යොදාගැනිණි.
මෙම අවස්ථාවට පුනානි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම්. හිරාෂ් හිස්බුල්ලා, විශ්ව විද්‍යාලයේ උප කුලපති ශ්‍රියානි වික්‍රමසිංහ, මහාචාර්ය හේමසිරි කොටගම, නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක පල්ලේකුඹුර, මෙන්ම ආරක්ෂක අංශයේ උසස් නිලධාරින් සහ සිසුන් ඇතුළු ඔවුන්ගේ දෙමව්පියන්, ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.







