උපාධි ධාරීන් ගුරු සේවයට ඇතුළත් කරගැනීමේ තරග විභාගය සඳහා ඇයදුම්පත් කැඳවීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් බඳවා ගැනීමට මෙම අයදුම්පත් කැඳවා ඇත.
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම හෙට (05) පෙ.ව. 09.00ට විවෘත වන අතර, එය පෙබරවාරි මස 19 වන දින ප.ව. 09.00 දක්වා විවෘතව පවතී.
රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ද අයදුම්පත් කැඳවා ඇති අතර එම අයදුම්පත් ද මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් පෙබරවාරි මස 20 වන දින උදේ 9ට විවෘත වන අතර, එය මාර්තු මස 5 වන දින උදෑසන 9ට අවසන් වේ.
අදාළ ගැසට් නිවේදන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති “Online Applications – Recruitment Exams/ E.B. Exams” ඔස්සේ පළ කර ඇත.
අදාළ ගැසට් නිවේදන දෙකම පහත දිගුවෙන් ලබා ගත හැකිය.







