-
හිතුවක්කාර විදුහල්පතිනිය හෙට පැවැත්වීමට හැදු පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියමෙන් නවතී…
විදුහල්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් මහනුවර උසස් බාලිකා විදුහලේ හෙට (03) පැවැත්වීමට නියමිතව තිබූ ත්‍යාග ප්රදානෝත්සවය නොපැවැත්වීමට මධ්‍ය කළමනාකරණ කමිටුව තීරණය කර ඇත.
මෙම තීරණය අද (02) පස්වරුවේ ගෙන තිබෙන අතර වට්ස් ඇප් ඔස්සේ සිසුන්ට හා දෙමව්පියන්ට දැනුම් දී ඇත්තේ පස්වරු 5.00 ට පමණය.
අදාළ පණිවිඩය ලැබෙන විටත් පාසලේ අධ්‍යාපන ලබන දරුවන්ගේ පිට පළාත් වල පදිංචි දෙමව්පියන් රැසක් ත්‍යාග ප්රධානෝත්සවට සහභාගි වීම සඳහා නිවෙස් වලින් පිටත්ව සිට ඇති බව දැන ගන්නට ඇත.
ගැටලුවට හේතුව –
උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනිය හා ගුරු මණ්ඩලයේ බහුතරය අතර මත ගැටුමක් ඇතිවීම මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් සිදු කරනු ලැබීය.
විදුහල්පතිනියට එරෙහිව මානව හිමිකම් කොමිසමේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයට පැමිණිලි 08 ක් කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විදුහල්පතිනියට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ලෙස පත්වීමක් ලබා දෙමින් ඇයට ස්ථාන මාරුවක් ලබාදුන් නමුත් විදුහල්පතිනිය දිගටම තනතුරේ රැඳී සිටීමෙන් අර්බුදයක් මතුවී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජනවාරි මස 08 වැනි දින ලිඛිතව අදාළ ස්ථාන මාරුව පිළිබඳව විදුහල්පතිනිය දැනුවත් කර තිබේ. අනතුරුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් ද පසුගිය 14 වැනි දින ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.
ස්ථාන මාරුවක් ලබාදී තිබියදී විදුහල්පතිනිය විදුහලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය හෙට (03) පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරු පිරිසක් විරෝධය දක්වා අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇත.
සියලු කරුණු සැලකිල්ලට ගෙන වාහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍යාග ප්රදානෝත්සවය හෙට (03) නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසලේ මාධ්‍ය කළමනාකරණ කමිටුවට දැනුම් දී ඇත්තේ මෙම පසුබිම තුළය.







