බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පාරේදි මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන් පොසිටිව් වෙන හැම කෙනාම කුඩු කාරයො ද? … ඇත්ත කතාව දැනගන්න!

by editor
ජනවාරි 30, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

වජිර එම් රණසිංහ –

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකරගැනීමේ ක්‍රමවේදය වඩාත් පුළුල්  කර තිබේ.  තියුණු මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මකය.  එමෙන්ම මෙම මෙහෙයුම් දිරිමත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරෙක් අත් අඩංගුවට ගැනීමක් වෙනුවෙන් රුපියල් 10000ක මුදල් ත්‍යාග ප්‍රදානයක් පොලිස්පතිවරයා විසින් අනුමත කර තිබේ.

දිනකට මිනිසුන් 10ක් 12ක්  මහ පාරේ මරා දමන රටක් සඳහා ගත හැකි විශිෂ්ටම තීරණයක් පොලිසිය විසින් අරගෙන ඇති ආකාරය දකිමු.  බීමත් රියදුරන්ටත් වඩා වැඩි ව්‍යසනයක් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පැදවූ රියදුරන් මෙතෙක්  කල් අපට නොදැනී මේ සමාජයට සිදුකර තිබුණේ ඔවුන් නිශ්චිතව වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් රටට නොතිබුණ බැවිනි.

අයිස් වැනි මත්ද්‍රව්‍යයක් භාවිතා කළ රියදුරෙකුගේ හැසිරීම නිශ්චිතව මාරකයකි. අවදානම නොදැනීම අනතුරක්  පාලනය කරගැනීම සඳහා ස්වභාවිකව ඇතිවන බිය ඇති නොවීම මෙන්ම ප්‍රතික්‍රියා සිදුනොවීම මහා අනතුරු ප්‍රමාණයක් අපට නොදැනී මේ තරම් කාලයක් රට තුළ ඇති කළේය. ඒ වියරුව පාලනය කළ යුතුව ඇති ආකාරයත් එය ක්‍රියාත්මකවී තිබෙන ආකාරයත් දකිමු. මේ මස ගෙවුණ දින 29 තුළ  හෙරොයින් අයිස් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ රියැදුරන් 900කට වැඩි පිරිසක්     අත්අඩංගුවට ගෙන ඇති බව කියන්නේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීරය.  මත්ද්‍රව්‍ය සහ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දිවයින පුරා වැටලීම් කණ්ඩායම් යොමු කර ඇතැයි ද හෙතෙම  කියන්නේය.  මේ වනවිට ඒ වැටලීම් සිද්ධ වන්නේ ජාතික වැදගත්කමක් සහිත මෙහෙයුම් ලෙසය.

පාරෙදී ඇතිවුන අවුල

ඊයේ එක්තරා නාලිකාව  වීඩියෝ  පටයක් ප්‍රචාරය විය. එම සංවාදය ඇති වන්නේ රියදුරෙක් සහ මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන පොලිස් නිලධාරියෙක් අතරය.  රියදුරා මත්ද්‍රව්‍ය සඳහා ධනාත්මක වී තිබේ. එහෙත් ඔහු කෑ ගසමින් කියන්නේ තමන් සිගරට් එකක් හෝ  පානය නොකරන බවය. තමන් කිසියම් රෝගයක් සඳහා බෙහෙත් හෝ  ලබා නොගන්නා බවය. ඔහු ප්‍රශ්න කරන්නේ තමන් මත්ද්‍රව්‍ය පරීක්ෂණය සඳහා ධනාත්මක වූයේ කෙසේද  යන්නය.

පොලිසියෙන් ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන බවක් නොපෙනේ. “ ඒවා උසාවියෙදි බලා ගන්නවා…” පොලිසියේ ප්‍රතිචාරය එයය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මාර්ගයේ දී ඇති නොවිය යුතු සංවාදය මෙයය. අඩුම තරමින් තමන් කරන රාජකාරියේ ස්වරූපය ගැන පැහැදිලි කරදීමක් කිරීමේ දැනුමක් හෝ විනයක් මේ පොලිස්  කණ්ඩායම්වලට ලබා දීමට පොලිසිය කටයුතු කළ යුතුය. අඩුම තරමින් මේ මාර්ගයේ සිදුකරන්නේ අවසානාත්මක පරීක්ෂණය නොවන බවත්, මෙම පරීක්ෂණ වැඩිදුරටත් තහවුරු  කිරීමේ ක්‍රමවේදයක් තිබෙන බවත්, මේ සිදුකරන මූලික පරීක්ෂණවල දෝෂ ඇතිවිය හැකි බවත් තමන් වෙනුවෙන් පෙනී සිටිමින්  ප්‍රශ්න කරන චූදිතයාට පැහැදිලි කරදීමේ සංයමයක් පොලිසියට නොතිබුණහොත් මේ ජාතික වැඩසටහන  පොලිසිය විසින්ම කෙළවා ගන්නා බව පැහැදිලිව කිව යුතුව තිබේ.

ජනතා විශ්වාසය සහ සම්මුතිය බිඳවැටුන මොහොතක මොන විමර්ශනයකටවත් වලංගුතාවක් නැති බවට වූ අවබෝධය පොලිසියට ඇතැයි විශ්වාස කරමින් මේ සටහන තබන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනා ගැනීම සහ උසාවිය වෙත ඉදිරිපත් කිරීම දක්වා වූ ක්‍රමවේදය පිළිබඳ පොදු අවබෝධයක් ලබා දීම වෙනුවෙනි.

ලංකාවේ  මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමේ රසායනික පරීක්ෂණ ක්‍රමවේදය

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන රිය අනතුරු අවම කිරීම සඳහා පොලීසිය විසින් කරනු ලබන මූලික පරීක්ෂණය වන්නේ  මුඛ ස්‍රාව පරීක්ෂණ (Mouth Swab/Saliva Test) යි.

එහිදී  පොලිස් නිලධාරීන් විසින් රියදුරාගේ මුඛයෙන් ස්‍රාව සාම්පලයක් ලබාගෙන එම ස්ථානයේදීම පරීක්ෂාවට ලක් කරයි. මෙම පරීක්ෂණ කට්ටල මගින් හෙරොයින්, ගංජා සහ අයිස් (Crystal Meth) ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 12ක භාවිතය ඉතාම මූලිකව  හඳුනාගත හැකිය.

මෙම මූලික පරීක්ෂණය ධනාත්මක වීම පමණක් අදාල පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට නිශ්චිතව තහවුරු කරන්නේ නැත. මූලික පරීක්ෂණය ධනාත්මක (Positive) වුවහොත්, එම රියදුරා වැඩිදුර සායනික පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු (JMO) වෙත යොමු කරනු ලබන්නේය. එහිදී අධිකරණ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට රුධිර හෝ මුත්‍රා සාම්පල ලබාගෙන තහවුරු කිරීමේ පරීක්ෂණ කරන්නේය.

 පරීක්ෂණයේදී මතුවිය හැකි අභියෝග සහ විද්‍යාත්මක කරුණු

ප්‍රධානම අභියෝගයක් වන්නේ මෙම පරීක්ෂණයේ දී වැරදි සහගත ලෙස ධනාත්මක ප්‍රතිඵල ලැබීමේ හැකියාව (False Positives) පැවතීමය. මෙය මූලික පරීක්ෂණයක් ලෙස නම් කරන්නේ එබැවිනි.

මාර්ගස්ථව සිදුකරන මෙම  මූලික පරීක්ෂණ සඳහා භාවිතා කරන්නේ  ‘Immunoassay’ තාක්ෂණය ය.  ‘Immunoassay’  තාක්ෂණය යනු ප්‍රතිශක්තිකරණ පරීක්ෂාවය.  එය ශරීරයේ ඇති නිශ්චිත රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා අපගේ ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියේ (Immune System) ක්‍රියාකාරිත්වය අනුකරණය කරමින් නිර්මාණය කර ඇති ඉතා වේගවත් පරීක්ෂණ ක්‍රමවේදයකි.

මෙම පරීක්ෂණයට පදනම වී ඇත්තේ ප්‍රතිදේහ සහ ප්‍රතිදේහ ජනක අතරවන බැඳීමය. එනම් අගුලකට ගැලපෙන යතුරක් සේ මත්ද්‍රව්‍ය අනුවලට පමණක් බැඳිය හැකි ප්‍රතිදේහ මෙම ටෙස් කිට් එකට ඇතුළත් කර තිබේ. එම රසායනික ප්‍රතික්‍රියාව සිද්ධවන විට එය අපට පියවි ඇසින් දැකිය හැකි සේ පරීක්ෂ කට්ටලයේ වර්ණ ඉර මතු වේ.  ගැබ් ගැනීම් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ක්‍රමවේදය ද ඇතුළත් වන්නේ මෙම තාක්ෂණයටය.

රසායානගාරයකට නොගොස් විනාඩි 5 -10  වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබා ගත හැකිවීම, සංකීර්ණ උපකරණ නැතිව මෙම මූලික හඳුනාගැනීම සිදුකිරීමට සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට වුවද හැකි වීම, සාපේක්ෂව ඉතා ලාභදායී වීම වැනි කරුණු මෙම පරීක්ෂණය ප්‍රායෝගික කළ හැකි වීම විශේෂය.

පරීක්ෂණයේ  දුර්වලතා –

මෙම තාක්ෂණයේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ‘හරස් ප්‍රතික්‍රියා’ (Cross-reactivity) ඇතිවීමේ  සම්භාවිතාවය. ඇතැම් විට මත්ද්‍රව්‍ය නොවන වෙනත් ඖෂධවල ඇති අණුක ව්‍යුහය ද මත්ද්‍රව්‍ය අණුවලට බෙහෙවින් සමාන විය හැකිය. එවිට පරීක්ෂණ කට්ටලයේ ඇති ප්‍රතිදේහ, එම ඖෂධය මත්ද්‍රව්‍යයක් ලෙස වරදවා වටහාගෙන ධනාත්මක (Positive) ප්‍රතිඵලයක් පෙන්විය හැකිය.

උදාහරණයක් ලෙස සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ගන්නා ඇතැම් ඖෂධ (Pseudoephedrine) ඇම්ෆෙටමින් ලෙසත්, ඇතැම් අසාත්මිකතා නාශක (Antihistamines) මගින් මත්ද්‍රව්‍ය පවතින බවටත් වැරදි සලකුණු පෙන්විය හැකිය. එමෙන්ම පොපි ඇට (Poppy seeds) අඩංගු ආහාර අධික ලෙස ලබා ගැනීමෙන් ශරීරයේ ඕපියොයිඩ් (Opioids) ඇති බවට පෙන්විය හැකිය. තවද ඇල්කොහොල් අඩංගු මුඛ සෝදන දියර පරීක්ෂණයට විනාඩි 15-20කට පෙර භාවිත කර තිබීමෙන් ප්‍රතිඵල වෙනස් විය හැකිය.

පැහැදිලි කරගත යුත්තේ  Immunoassay යනු සාම්පලයක මත්ද්‍රව්‍ය තිබේදැයි සැක හැර දැනගැනීමට භාවිත කරන පළමු පෙළේ (Screening) පරීක්ෂණයක් පමණක් බවය. එහි ධනාත්මක ලකුණු පෙන්වූ පමණින් මත්ද්‍රව්‍ය භාවිතයක් පිළිබඳව තහවුරුවක් සිදුනොවන බවය.

මෙම පරීක්ෂණයේ ඇති තවත් දුර්වලතාවයක් වන්නේ  මුත්‍රා හෝ කෙස් සාම්පල පරීක්ෂණ මෙන් නොව, කෙළ පරීක්ෂාවෙන් හඳුනාගත හැක්කේ ඉතා මෑතකදී (පැය 5 සිට 48 දක්වා කාලය තුළ) කළ භාවිතයන් පමණක් වීමය.

එමෙන්ම ඇතැම් මත්ද්‍රව්‍ය භාවිත කර පැය කිහිපයකින් මුඛ ස්‍රාවයෙන් ඉවත්ව යයි. නීතිමය වශයෙන් ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ මෙම පරීක්ෂණයෙන් ශරීරයේ මත්ද්‍රව්‍ය පවතින බව තහවුරු වුවද, පරීක්ෂණය කරන අවස්ථාවේදී රියදුරා මත් වී සිටින බව (Impaired) ඉන් සෘජුවම ඔප්පු නොවීමය.

පර්යේෂණවලට අනුව කෝකේන් හෝ හෙරොයින්වලට වඩා ගංජා (THC) හඳුනාගැනීමේදී මෙම උපකරණවල නිරවද්‍යතාව තරමක් අඩු විය හැකිය.

මේ හේතුව නිසා මත්ද්‍රව්‍ය පිළිබඳව කෙරෙන මූලික මාර්ගස්ථ පරීක්ෂණයකින්    යම් රියදුරෙකු මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට ධනාත්මක (Positive) ප්‍රතිඵලයක් ලැබුණු පසු, එය අධිකරණයක් ඉදිරියේ නීත්‍යානුකූලව ඔප්පු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රියාවලියකින් තහවුරු කළ යුතුය.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රියාවලිය –

  1. සායනික වෛද්‍ය පරීක්ෂණය (Clinical Examination)

පොලිසිය විසින් ඉදිරිපත් කරන රියදුරා මත්ද්‍රව්‍ය භාවිතය නිසා කායිකව හෝ මානසිකව පාලනය ගිලිහී ඇතිදැයි (Impairment) වෛද්‍යවරයා මෙහිදී පරීක්ෂා කරනු ලබයි.

  • ඇස්වල කණීනිකාව (Pupils) ආලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය.
  • කථනය සහ ශරීරයේ සමබරතාවය.
  • නාඩි වේගය සහ රුධිර පීඩනය වැනි කරුණු මේ අවස්ථාවේ දී නිරීක්ෂණය කෙරේ.
  1. ජෛව සාම්පල ලබා ගැනීම (Specimen Collection)

මුඛ ස්‍රාව පරීක්ෂණය මූලික සාක්ෂියක් පමණක් බැවින්, විද්‍යාගාර විශ්ලේෂණය සඳහා වඩාත් නිවැරදි සාම්පල ලබා ගැනීම මෙහිදී සිදුකරනු ලබයි.

  • රුධිර සාම්පල: රිය පදවන අවස්ථාවේ රියදුරා මත් වී සිටි බව ඔප්පු කිරීමට ඇති ප්‍රබලම සාක්ෂිය මෙයයි.
  • මුත්‍රා සාම්පල: ශරීරය තුළ මත්ද්‍රව්‍ය පරිවෘත්තීය වී (Metabolized) ඇති බව තහවුරු කිරීමට මෙය භාවිත කරයි.
  1. රසායනාගාර තහවුරු කිරීමේ පරීක්ෂණ (Confirmatory Tests)

මාර්ගස්ථ කට්ටලවලින් ලැබෙන වැරදි (False Positives) ඉවත් කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් අතිනවීන තාක්ෂණික පරීක්ෂණ පවත්වයි:

  • GC-MS (Gas Chromatography-Mass Spectrometry): මෙය රන් සම්මත (Gold Standard) පරීක්ෂණය ලෙස සැලකේ. මෙහිදී සාම්පලය තුළ ඇති අණු වෙන් කර ඒවායේ ස්කන්ධය අනුව මත්ද්‍රව්‍ය වර්ගය නිවැරදිවම හඳුනා ගනී.
  • LC-MS (Liquid Chromatography): මෙය ද මත්ද්‍රව්‍ය පවතින බවත්, එහි ප්‍රමාණය (Concentration) කොපමණද යන්නත් ගණනය කිරීමට භාවිත කරයි.
  1. දාම ආරක්ෂණ පටිපාටිය (Chain of Custody)

අධිකරණයේදී සාක්ෂි ප්‍රතික්ෂේප වීම වැළැක්වීමට මෙම සාම්පල ලබාගත් මොහොතේ සිට රසායනාගාරයට ගෙන ගොස් වාර්තාව නිකුත් කරන තෙක් සෑම පියවරක්ම දැඩි ආරක්ෂාවක් සහ ලේඛනගත කිරීමක් යටතේ සිදු වේ.

විද්‍යාත්මකව බැලූ කල, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අවසන් විද්‍යාගාර (Confirmatory Tests) 99% කට වඩා නිරවද්‍ය බව සහතික කළ හැකිය. මාර්ගස්ථ පරීක්ෂණ කට්ටලවල (Saliva test kits) පවතින දුර්වලතා මඟහරවා ගැනීමට මෙම උසස් විද්‍යාගාර පරීක්ෂණ සමත් වේ.

නිරවද්‍යතාවය තහවුරු වන ප්‍රධාන හේතු  

  1. ‘රන් සම්මත’ තාක්ෂණය භාවිත කිරීම (GC-MS / LC-MS)

මූලික පරීක්ෂණ කට්ටල මගින් සිදු කරන්නේ මත්ද්‍රව්‍ය පවුලට සමාන රසායනිකයන් තිබේදැයි බැලීම පමණි. නමුත් රසායනාගාරයේදී භාවිත කරන Gas Chromatography-Mass Spectrometry (GC-MS) තාක්ෂණය මගින් සාම්පලයේ ඇති සෑම අණුවකම “නිශ්චිත සලකුණ” (Molecular Fingerprint) හඳුනා ගනී.

මෙමගින් සාමාන්‍ය ඖෂධයක් සහ මත්ද්‍රව්‍යයක් අතර ඇති පරමාණුක වෙනස පවා පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකිය.

එබැවින් මාර්ගස්ථ පරීක්ෂණයේදී ලැබෙන “ව්‍යාජ ධනාත්මක” (False Positive) ප්‍රතිඵල මෙහිදී මුලුමනින්ම ඉවත් වේ.

  1. ප්‍රමාණාත්මක විශ්ලේෂණය (Quantitative Analysis)

මූලික පරීක්ෂණ කට්ටලයකින් පෙන්වන්නේ මත්ද්‍රව්‍ය තිබේද? නැද්ද? (Yes/No) යන්න පමණි. නමුත් විද්‍යාගාර පරීක්ෂණයකදී  ශරීරයේ ඇති මත්ද්‍රව්‍ය කොපමණ සාන්ද්‍රණයකින් (Concentration) පවතීද යන්න මැනිය හැකිය.

මෙම සාන්ද්‍රණය මගින් රියදුරා එම අවස්ථාවේ මත් වී සිටියාද, නැතහොත් ඔහු දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය භාවිත කර තිබුණේද යන්න විද්‍යාත්මකව නිගමනය කළ හැකිය.

  1. දාම ආරක්ෂණ පටිපාටිය (Chain of Custody)

විද්‍යාත්මක නිරවද්‍යතාවයට අමතරව, සාම්පලයේ විශ්වාසනීයත්වය රැක ගැනීමට නීතිමය ක්‍රියාවලියක් පවතී.  සාම්පලය ලබාගැනීමේ සිට එය මුද්‍රා තැබීම (Sealed) සහ රසායනාගාරය වෙත ගෙනයාම දක්වා සෑම පියවරක්ම විධිමත් ලේඛනගත කිරීමක් යටතේ සිදුවේ. එබැවින් සාම්පල මිශ්‍ර වීමට හෝ වෙනස් වීමට ඇති අවස්ථාව අවම වේ.

  1. පරිවෘත්තීය ඵල පරීක්ෂාව (Metabolites)

අධිකරණ විද්‍යාගාර පරීක්ෂණවලදී මත්ද්‍රව්‍ය සොයන්නේ එහි මූලික රසායනිකයෙන් පමණක් නොවේ. මත්ද්‍රව්‍ය ශරීරගත වූ පසු අක්මාව මගින් ඒවා බිඳ හෙලන විට නිපදවන පරිවෘත්තීය ඵල (Metabolites) රුධිරයේ හෝ මුත්‍රාවල තිබේදැයි පරීක්ෂා කෙරේ. සැබෑ ලෙසම මත්ද්‍රව්‍ය ශරීරගත වූවෙකුගේ පමණක් මෙම රසායනිකයන් දැකිය හැකිය.

  1. අවදානම් සහගත අවස්ථා:

නිරවද්‍යතාවය ඉහළ වුවද, සාම්පල ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් (උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් වූ පසු රුධිරය ලබා ගැනීම) නිසා ඇතැම් විට සත්‍ය වශයෙන්ම මත්ද්‍රව්‍ය ගත් අයෙකුගේ වාර්තාවක් වුවද ඍණාත්මක (Negative) විය හැකිය. නමුත් රජයේ රස පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය තිබෙන බවට සහතික කළහොත්, එය විද්‍යාත්මකව අභියෝගයට ලක් කිරීම ඉතා අපහසුය.

රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කිරීමේ පිළිවෙළ

රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අධිකරණය හමුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්නේ ඉතා දැඩි නීතිමය ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමිනි. ශ්‍රී ලංකාවේ පවතින සාක්ෂි ආඥාපනත සහ මෝටර් රථ ප්‍රවාහන පනතට අනුව මෙම ක්‍රියාවලිය ප්‍රධාන අදියර කිහිපයකින් සමන්විත වේ.

  1. අධිකරණ වෛද්‍ය වාර්තාව (JMO Report) සහ රස පරීක්ෂක වාර්තාව සහසම්බන්ධ කිරීම

පොලීසිය විසින් මුලින්ම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ (JMO) සායනික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරයි. එහි දැක්වෙන්නේ රියදුරා පරීක්ෂා කරන අවස්ථාවේ ඔහු මත්ව සිටි බවට වෛද්‍යවරයා නිරීක්ෂණය කළ සායනික ලක්ෂණයි. ඉන්පසුව, රජයේ රස පරීක්ෂකවරයාගේ විද්‍යාත්මක වාර්තාව (Analyst Report) මගින් එම මත් වීම සිදු වූයේ කුමන මත්ද්‍රව්‍යය නිසාද යන්න විද්‍යාත්මකව ඔප්පු කරනු ලබයි.

  1. සාක්ෂි ආඥාපනත යටතේ විශේෂඥ සාක්ෂි (Expert Evidence)

සාක්ෂි ආඥාපනතේ 45 වන වගන්තියට අනුව, විද්‍යාව හෝ කලාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකුගේ අදහස් අධිකරණයට සාක්ෂි ලෙස පිළිගත හැකිය. එබැවින් රජයේ රස පරීක්ෂකවරයා “විශේෂඥ සාක්ෂිකරුවෙකු” ලෙස සැලකේ. ඔහු විසින් නිකුත් කරන ලද අත්සන් කළ වාර්තාව සාක්ෂි විභාගයකින් තොරව වුවද (ඇතැම් අවස්ථාවල) සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකිය.

  1. දාම ආරක්ෂණය ඔප්පු කිරීම (Establishing the Chain of Custody)

විත්ති පාර්ශවයේ නීතිඥයන් බොහෝ විට ප්‍රශ්න කරන්නේ පරීක්ෂණයේ නිරවද්‍යතාවයට වඩා සාම්පලයේ ආරක්ෂාව පිළිබඳවයි. එබැවින් පොලීසිය විසින් පහත කරුණු ඔප්පු කළ යුතුය:

  • සාම්පලය ලබා ගැනීම: JMO විසින් නිවැරදි පුද්ගලයාගෙන් සාම්පලය ගත් බව.
  • මුද්‍රා තැබීම: සාම්පලය බෝතලයක බහා එය JMO ගේ නිල මුද්‍රාව යටතේ ආරක්ෂිතව මුද්‍රා තැබූ බව.
  • ප්‍රවාහනය: එම මුද්‍රා තැබූ සාම්පලය කිසිවෙකුට විවෘත කළ නොහැකි ලෙස ආරක්ෂිතව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් බව.
  • රසායනාගාර භාරය: රස පරීක්ෂක කාර්යාලයේදී එම මුද්‍රාවන් කඩා නොමැති බව තහවුරු කර භාර ගැනීම.
  1. නඩු විභාගයේදී සාක්ෂි දීම

යම් හෙයකින් විත්ති පාර්ශවය රස පරීක්ෂක වාර්තාව අභියෝගයට ලක් කළහොත්, එම පරීක්ෂණය සිදු කළ සහකාර රස පරීක්ෂකවරයාට හෝ රස පරීක්ෂකවරයාට අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි දීමට සිදු වේ. එහිදී ඔහු පරීක්ෂණය සඳහා භාවිත කළ තාක්ෂණය (උදා: GC-MS) සහ එහි නිරවද්‍යතාවය පිළිබඳව විනිසුරුවරයාට පැහැදිලි කර දිය යුතුය.

  1. දඬුවම් නියම කිරීම

වාර්තාව මගින් මත්ද්‍රව්‍ය පවතින බව තහවුරු වූ විට, මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම, අවලංගු කිරීම හෝ බන්ධනාගාර ගත කිරීම වැනි දඬුවම් අධිකරණය විසින් නියම කරනු ලබයි.

දෙපාරක් හිතන්න – පොලිසියෙන් උදාහරණයක්

මේ ක්‍රමවේදයන් මේ තරම් දුරට වැදගත් වන්නේ කුමක් නිසාද යන්නත්, මූලික පරීක්ෂණ ඔස්සේ සැහැල්ලු නිගමනවලට එළඹීම මානව අපරාධයක් විය හැකිය යන්නත් පිළිබඳව උදාහරණයක් පොලිසියෙන්ම උපුටා දක්වමින් මේ සටහන නිමා කරමි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ ගැන රටේ බොහෝ දෙනෙක් දන්නේය. ගෝඨාභය රාජපක්ෂගේ නිවසින්  අරගල කරුවන් මුදල් සොයා ගන්නා විට කොටුව පොලිස් ස්ථානයේ  ස්ථානාධිපති සාගර ලියනගේ ය. පසුගිය රජය  අවසාන කාලයේ දී  දේශබන්දුගේ පොලිසිය ඔහුව නැත්තටම නැති කිරීමේ උත්සාහයක සිටියේය. නීතිය නැමුවේ නැති මේ කැපී පෙනෙන පොලිස් නිලධාරියාට දේශබන්දුලා තඹුත්තේගම පොලිසියට ස්ථාන මාරුවක් දුන්නේය.

පවතින තත්ත්වය තුළ ඔහු සිය රාජකාරි බාර ගැනීම ප්‍රමාද කළේය.  දේශබන්දු ඔහු සේවය අත්හැර ගියා සේ සලකා නියෝග නිකුත් කළේය. පැවති රජය පෙරළී දේශබන්දුලා විසිවී යද්දී සාගර ලියනගේ නැවත පොලිසියට බැඳීමට අභියාචනාවයක් ඉදිරිපත් කළේය. එවැනි අවස්ථාවක පොලිස් නිලධාරියෙක් අනිවාර්ය මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය.  සාගර ලියනගේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයට ගොස් ස්වකීය පරීක්ෂණයට පෙනී සිටියේය. දින මාස ගණන් ගියේය. ඔහුට සේවයට කැඳවීමේ ලිපිය ලැබුණේ නැත.

මේ සම්බන්ධව ඔහු පොලිස් මානව සම්පත් කළමනාකරණ අංශයෙන් විමසා බැලූ විට කියූ දෙයින් ඔහුට දෙලෝ තරු පෙනුනේය. හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තුනක් සඳහා ඔහු ධනාත්මක වී තිබුණු පරීක්ෂණ වාර්තාවක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයෙන් නිකුත් කර තිබිණි. නැවත ඔහුව සේවයට බඳවා ගත නොහැකි බව කියැවිනි.

පොලිසියේත් ඔහු දන්නා හඳුනන සියලු දෙනාත්  හොඳින්ම දන්නා කාරණාව නම් සාගර ලියනගේ යනු බියර් උගුරක් හෝ පානය නොකරන සෑම මත්ද්‍රව්‍යයකින්ම වැලකී සිටින පොලිස් නිලධාරියෙක් බවය.

සාගර ලියනගේ පොලිස්පති හමුවීමට ගියේය. තමන්ට වී ඇති අවනඩුව සම්බන්ධව පොලිස්පතිට පැමිණිලි කළ සාගර තමන්ගේ ආත්මයම විනාශ කළ මේ වාර්තාව මත තම රාජකාරි ඉරණම තීරණය කරන්නේ නම් පොලිස් මූලස්ථානයේ ඉහළම තට්ටුවෙන් බිමට පැනීම ඊට වඩා යහපත් බව ඔහු පැවසුවේය. නැවත වරක් වෙනත් පරීක්ෂණ ක්‍රමවේදයක් ඔහු පොලිසියෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත සාගර ලියනගේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරිනි. ඔහු කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවටවූ වාර්තාව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලැබිණි.

මේ වනවිට තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ ය.  එබැවින් පොලිස් පොඩ්ඩන් කියන්නට ඇත්තේ  මහ මගදී හමුවූ මූලික ඛේට පරීක්ෂාව කර ධනාත්මක ප්‍රතිඵල ලැබෙන පුද්ගලයන් විෂයෙහි කුඩු කාරයින් අයිස් කාරයින් සේ සලකා සද්ද දැමීමට පෙර යළිත් කල්පනා කළ යුතු බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බහාලුම් 223ක් පිට කිරීම – පාර්ලිමේන්තු කමිටුව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගෙන් වැඩ අරඹයි!

Next Post

ගල් අඟුරු සමාගම වසරක් තුළ කෝටි 15ක් වරාය ප්‍රමාද ගාස්තුවක්  සැපයුම්කරුට ගෙවලා… විගණනය කියයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.