බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රටේ හැටියට ක්‍රිකට් වෙනස් කර එංගලන්ත කණ්ඩායම කඩුළු 05ක පහසු ජයක් ලබා ගත් හැටි…

by editor
ජනවාරි 24, 2026
in ක්‍රීඩා
එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය වූ ජෝ රූට්ගේ පිිතිකරණය...

එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය වූ ජෝ රූට්ගේ පිිතිකරණය...

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

එංගලන්ත කණ්ඩායම කඩුළු 05ක පහසු ජයක් සහිතව දෙවැනි එක් දින තරගය නිමා කළේය. ඒ පිට පිට පරාජය වූ එක්දින තරග 05ක් සහිත අවාසනාවන්ත අපගමනයට තිත තබමිනි.  දැන් තරගාවලියේ කණ්ඩායම් දෙක 1-1 ලෙස සම තැනය.

පන්දු යවන්නන් විඩාවට පත් කරන දැඩි ප්‍රහාරක පිතිකරණ රටාවක් සමග එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මුල් කරගෙන දියත් කරමින් අත් හදා බැලු  Bazball ක්‍රිකට් රටාව දකුණු ආසියාතික තණතීරුවලට ගලපා ගන්නට එංගන්ත කණ්ඩායම උත්සාහ කළේ ශ්‍රි ලංකාවේදී ය. ඒ  විස්සයි 20 ලෝක කුසලානයට සති තුනක් නුදුරේ හිඳිමිනි.  පළමු තරගයේ දී එම උත්සාහය සාර්ථක වූයේ නැත.  මුල් තරගයේ දී  ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ මන්දගාමී තණතීරුවේ දී ශ්‍රි ලංකාව අභිබවන්නට එංගලන්ත කණ්ඩායමට හැකි වූයේ නැත.

අද දෙවැනි තරගය ය. ඒ තරගයත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ය. එංගලන්තය මුලුමනින්ම සිය තරග රටාව වෙනස් කළේය. කණ්ඩායමේ පන්දු යවන්නට හැකි හැම දඟ පන්දු යවන්නාම කැඳෙව්වේය. දඟ පන්දු යවන්නන් 06කි.  වේග පන්දු යවන ආරම්භක පන්දු යවන්නන් වන ජෙමී ඕවර්ටන් සහ සෑම් කරන්ට ලබා දුන්නේ පන්දු ඕවර 09ක් පමණි. ඕවර්ටන් එක් නිලකුණු ඕවරයක් සමග පන්දු ඕවර 5ක් යවා ලකුනු 21කට කඩුළු 02ක් ලබා තිබුණද ඔහුට ඉන් පසු තරගයේ කිසිම අවස්ථාවක පන්දුව ලැබුනේ නැත. සෑම් කරන්ටත් එසේය. ඔහු යැව්වේ පන්දු ඕවර 04ක පමණි. ලකුණු ලබා දුන්නේ 16කි. අවසානයේ කණ්ඩායමේ 08 දෙනෙක් පන්දු යැවූහ. කඩුළු රකින ජෝ රූට් හැරුණු විට පන්දු යැවීමෙන් වැලකී සිටියේ නායක හැරී බෲක් සහ බෙන් ඩකර්ට් පමණි.

ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාගේ පන්දු ඕවර 9න් පසු  ඉතිරි  පන්දු ඕවර 40 යි පන්දු 3ම  යැව්වේ දඟ පන්දු යවන්නන්ය. මේ මන්දගාමී දඟ පන්දුවලට එරෙහිව සීමා ඉරෙන් එපිටට පහරක් ගසා ගන්නට අපේ ක්‍රීඩකයින් දඟලන දැඟලිල්ලට දුක හිතුනේය.    ශ්‍රී ලංකා ඉනිමේ දී මුලු ඉනිමටම එල්ල වී තිබුණේ එක් හයේ පහරක් පමණි. ඒ හය ගැහුවේ පැතුම් නිශ්ශංකය. හයේ පහර ගහන්න ගිය අනෙක් සියලුම ක්‍රිඩකයෝ උඩපන්දු ලබා දී දැවී ගියහ. ශ්‍රි ලංකා පිතිකරුවන් මුලුමනින්ම  එංගලන්ත දඟ පන්දු යවන්නන්ගේ ග්‍රහණයේ සිටියේය.

එක් පිතිකරුවෙකුට හෝ හරි ඉනිමක් ක්‍රිඩා කිරීමට බැරිවිය. හැමෝම ගැහුවේ බාග ඉනිම් ය. එක් අර්ධ ශතකයක්වත් නැත. වැඩිම ලකුණ ගණන චරිත් අසලංක ගැසු ලකුණු 45 ය. ධනංජය ද සිල්වා ලකුණු 40කි. පවන් රත්නායක 29කි. පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් 26 බැගිනි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 20කි. සියල්ලන්ම ලකුණු 219කට දැවී ගියේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මුලින් කී ලෙස එංගලන්ත කණඩායමේ 08 දෙනෙක් පන්දු යැවූහ. ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා හැරෙන්නට  දඟ පන්දු යැවූ ලියම් ඩේව්සන්, විල් ජැක්, රෙහාන් අහමඩ් කඩුල්ල බැගින් ලැබූහ.  නිත්‍ය දඟ පන්දු යවන අඩිල් රෂීඩ් කඩුළු 02ක් ලැබුවේය. ජෝ රූට් කඩුලු 02කි.

එංගන්ත පිතිකරණය –

අප දුටුවේ ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්ත කණඩායම තමන් පුහුණු කළ ටෙස්ට් තරගවල ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව එක්දින තරගය වෙත ආදේශ කරගන්නා ආකාරය ය. ලකුණු 20 දි රෙහාන් අහමඩ් ලකුණු 13කට දැවි ගිය පසු බෙන් ඩකර්ට් සහ ජෝ රූට් අතරත්, ජෝ රූට් සහ නායක හැරී බූක් අතරත් ඇතිවුන සම්බන්ධතාවය එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ ප්‍රමිතිය කියා පෑවේය.

බෙන් ඩකට් ලකුණු 39ක් ලැබුවේය. ඒ පන්දු 52කදී ය. ජෝ රූට් පිතිකරණ බලඇනියේ කොඳු නාරටිය වී පන්දු 90ක දී ලකුණු 75ක් ලැබුවේය. නායක හැරී බූක් ලකුණු 42ක් ලැබුවේ පන්දු 75ක දි ය. මේ එකම ක්‍රීඩකයෙකුට හෝ හදිස්සියක් තිබුණේ නැත. අත පොවන දුරක ඇති දිනුම ඩැහැ ගන්නට හදිස්සියක් එංගලන්ත කණ්ඩායමට තිබුණේ නැත.

එමෙන්ම ශ්‍රි ලංකා දඟ පන්දු යවන්නන් මේ තරගයේ දී මුලුමනින්ම පාහේ එංගලන්ත ක්‍රීඩකයින්ට නතු වූයේය. එංගලන්ත පිතිකරුවන් අද පිටියට පැමිණ තිබුණේ අපේ දඟ පන්දු ගැන නිශ්චිත අධ්‍යයනයක් කර බව ඔවුන්ගේ පිතිකරණයෙන් පැහැදිලි වූයේය. මුල් තරගයේ සිදුකළ බොහෝ වැරදි එංගලන්ත කණ්ඩායම මුලුමනින්ම පාහේ මගහරවාගෙන තිබිණි.

අවසානයේ දී සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණයත් සමග ජොස් බට්ලර් පන්දු 21 දී ලකුණු 33ක් ලබාගෙන තරගය නිමා කළේය. ඒ පන්දු 20ක් ඉතිරිව තිබියදී ය.

තරගයේ වීරයා ජෝ රූට් ය. තරගාවලි ජයග්‍රහණය පිළිබඳ තීන්දුව ලබන තරගයට කල් ගොස් ඇත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශට සිදුවුනේ අසාධාරණයක් බව කියමින්  පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වන බවට ඉඟි කරයි!

Next Post

මේ වසරේ මෙතෙක් අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය සමග බහුදින ධීවර යාත්‍රා 02 දික්ඕවිට වරායට!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.