රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා පොහොට්ටුව හැර ගිය ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකුවූ වෛද්‍ය රමේශ් පතිරණ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් පසු ඔහුව බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.
රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් අද දින (22) පත්වීමේ ලිපිය ලබාගත්තේය. ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.
තවද රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත් කර ඇත. රමේශ් පතිරණ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක් වී ඇත.







