පසුගිය දෙසැම්බර් 30 වැනිදා කොහුවල ප්රදේශයේ දී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියේ සැකකාර වෙඩික්කරු ගේ ඡායාරූපයක් නිකුත් කරමින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය ඉල්ලා තිබේ.
අරුමාදුර සමීර සිල්වා නමැති අදාළ පුද්ගලයා මෙම ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරු ලෙස පොලිසිය මූලික විමර්ශනවලින් ආනවරණය කරගෙන ඇත.
මේ තැනැත්තා සම්බන්ධයෙන් තොරතුරු 0718596408 යන දුරකතන අංකය ඔස්සේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටී.
කොහුවල බෝධියත්ත ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඉකුත් 30 වනදා රාත්රියේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු මෙම තරුණිය ඉලක්ක කර වෙඩි ප්රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි.
අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත පසුගිය 15 වැනිදා සැකකරුවන් 08 දෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.







