කෙසෙල්වත්ත ප්රදේශයේ මහල් නිවාස සංකීරණයක අත්හැර දමා ඇති ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ උණ්ඩ 29ක් සොයාගෙන තිබේ.
කෙසෙල්වත්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ විමර්ශනයක දී මෙම ගිනි අවිය සහ පතොරොම් සොයා ගැනීමට හැකි වී ඇත.
මෙම පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







