සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 දින දෙකක් තුළ බංගලාදේශයේ දෙවැනි හින්දු ජාතිකයාත් ඝාතනය වේ…

by editor
ජනවාරි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බංග්ලාදේශයේ ගාසිපූර් (Gazipur) දිස්ත්‍රික්කයේදී සිය වෙළඳසැලේ සේවය කළ නව යොවුන් සේවකයෙකු බේරා ගැනීමට උත්සාහ කළ 55 හැවිරිදි හින්දු ජාතිකයෙකුට පහර දී මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි.

ඉන්දීය මාධ්‍ය අනුව  ඊයේ (17) දිනයේ මෙසේ ඝාතනය කර ඇත්තේ    ‘බයිෂාකි ස්වීට්මීට් ඇන්ඩ් හොටෙල්’ (Baishakhi Sweetmeat and Hotel) ආයතනයේ හිමිකරු වන ලිටන් චන්ද්‍ර ගෝෂ් (Liton Chandra Ghosh) හෙවත් කාලි නැමැති අයෙකි.

සුළු ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

පොලිසිය සහ ඇසින් දුටුවන් පවසන පරිදි, සිද්ධිය ආරම්භ වී ඇත්තේ පෙරවරු 11 ට පමණ 28 හැවිරිදි මසුම් මියා නැමැත්තෙකු පැණිරස කෑම අලෙවිසැලට පැමිණ එහි සිටි 17 හැවිරිදි අනන්ත දාස් නැමැති සේවකයා සමඟ සුළු කරුණක් සම්බන්ධයෙන් බහින්බස් වීමත් සමඟය. පසුව එම ආරවුල ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.

ඒ මොහොතේම මසුම් මියාගේ දෙමාපියන් වන මොහොමඩ් ස්වපාන් මියා (55) සහ මජේදා ඛාතුන් (45) එම ස්ථානයට පැමිණ පහරදීමට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මැදිහත් වූ හිමිකරුට එල්ල වූ ප්‍රහාරය

තත්ත්වය පාලනය කිරීමට සහ සිය සේවකයා ආරක්ෂා කිරීමට ලිටන් ගෝෂ් ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුටද ප්‍රහාරය එල්ල වී ඇත. පොලිසිය සඳහන් කළේ ඔහුට උදලු පහරක් එල්ල වී ඇති අතර, එම බරපතල තුවාල හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.

ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවන් තිදෙනා (මසුම් මියා සහ ඔහුගේ දෙමාපියන්) අල්ලා පොලිසියට භාර දී ඇත. කාලිගන්ජ් පොලිස් ස්ථානයේ නිලධාරී මොහොමඩ් සාකීර් හොසේන් තහවුරු කළේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි.

දින දෙකක් තුළ සිදුවූ දෙවන ඝාතනය

මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ පෙරදින එනම් සිකුරාදා ද තවත් හින්දු ජාතිකයෙකු ඝාතනයට ලක්වීම හේතුවෙනි.

ඉන්ධන පිරවුම්හලක සේවය කළ 30 හැවිරිදි රිපන් සහා නැමැත්තා, ඉන්ධන ලබාගෙන මුදල් නොගෙවා පලායාමට උත්සාහ කළ වාහනයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී එම වාහනයට යටකර මරා දමා තිබුණි.

සුළුතර හින්දු ප්‍රජාවට එල්ල වන ප්‍රහාර ගැන කනස්සල්ල

බංග්ලාදේශයේ සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර මාලාවක අලුත්ම සිදුවීම මෙයයි. එරට ජන සංගණන දත්ත වලට අනුව මිලියන 13.13 ක හින්දු ජනතාවක් වසන අතර එය මුළු ජනගහනයෙන් 7.95% කි.

බංග්ලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි සමගි කවුන්සිලය පවසන්නේ, මහා මැතිවරණය ආසන්නවත්ම සුළුතර ඡන්දදායකයින් බිය ගැන්වීමේ අරමුණින් මෙවැනි වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවයි.

මෑත කාලීන ප්‍රචණ්ඩත්වය

බංග්ලාදේශයේ මෑතකාලීන දේශපාලන පෙරළිය සහ ෂීක් හසීනා රජය ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ අස්ථාවරත්වය තුළ, හින්දු භක්තිකයන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ දේවස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් විය. මෙම ප්‍රචණ්ඩත්වය හුදු ආගමික ගැටුමකට එහා ගිය, දේශපාලන අරමුණු සහිත ක්‍රියාවක් බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම මැතිවරණ සමයන්හිදී සහ දේශපාලන බල අරගල පවතින අවස්ථාවලදී සුළුතර හින්දු ප්‍රජාව බිය ගැන්වීම හරහා දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් උත්සාහ කරන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

මෙම ගැටුම්වලින් මිය ගිය හින්දු භක්තියන් සම්බන්දව නිශ්චිත වාර්තා නැත එහෙත් බංගලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි සමග හවුලට අනුව ගැටුම් පැවති අවස්ථාවලදී හින්දු භක්තිකයින් 15ක ට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කර තිබේ.  වැඩිම වාර්තා වන්නේ ඝාතන නොව දේපලවලට සිදුකළ හානිය. දිස්ත්‍රික්ක 52ක දේපල හානි 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව මානව හිමිකම් සංවිධාන වාර්තා කර ඇත.

ලිටන් ගෝෂ් සහ රිපන් සහා වැනි පුද්ගලයන්ගේ ඝාතන සිදුවන්නේ මෙම සමස්ත ප්‍රචණ්ඩකාරී පසුබිම තුළ වන අතර, මේවා එක් එක් ප්‍රාදේශීය ආරවුල් ලෙස හුවා දැක්වුවද ඒවායේ මූලික පදනම පවතින දේශපාලන අස්ථාවරත්වය බව විචාරකයෝ පවසති.

බංග්ලාදේශයේ පවතින තත්ත්වය මත ඇතැම් මරණ වාර්තා නොවන බැවින් හෝ දේශපාලන හේතූන් මත සංඛ්‍යාලේඛන වෙනස් විය හැකි බැවින්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ පිළිබඳව දිගින් දිගටම විමර්ශන පවත්වමින් සිටී.

මෙම තත්ත්වය ඉන්දියාවේ දැඩි අවධානයට හා කනස්සල්ලට හේතු වී තිබේ.   ඉන්දීය රජය අවධාරණය කරන්නේ තම අසල්වැසි රටේ සුළුතර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ මූලික වගකීමක් බවයි. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින මහජන මතය සහ දේශපාලන පීඩනය හේතුවෙන්, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා, ආරක්ෂක සහයෝගීතාව සහ වෙළඳ ගිවිසුම් පවා යම් පසුබෑමකට ලක්වීමේ අවදානමක් මතු වී තිබේ.

මේ වනවිට ක්‍රීඩාව හරහා ඒ  තත්ත්වය සන්නිවේදනය වෙමින් ඇත. බංගලාදේශ ක්‍රීඩකයින්ට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නොහැකි විරෝධයක් මතු වී ඇත. බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය ප්‍රතික්ෂේප කර තිබේ.  ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශ විරෝධය හේතුවෙන් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට ගිය  ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය ජාතිකයෙකුට වීසා ලබා දීම බංගලාදේශය ප්‍රතික්ෂේප කර තිබේ.

බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහිව සිදුවන මනුෂ්‍ය ඝාතන සහ හිරිහැර පාලනය කිරීමට එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන අපොහොසත් වුවහොත්, එය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින විශ්වාසය පළුදු වීමටත්, කලාපීය වශයෙන් ඉන්දියාවේ මැදිහත්වීම වැඩි වීමටත් හේතු විය හැක. එබැවින් මෙම ගැටලුව විසඳීම දෙරටේම දේශපාලන ස්ථාවරත්වයට සහ සහජීවනයට අතිශය තීරණාත්මක වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

19න් පහළ ලෝක කුසලාන තරග – ඉන්දීය නායකයාට අතට අත දෙන්නට බංගලි නායකයාට අමතක වුනාලු… තරගය අවසානයේ දී අතට අත දී විරසකය නිමා කරගනී…

Next Post

නන්දන ගුණතිලක දිවියෙන් සමු ගනී…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.