අබායා ඇඳුමකින් සැරසී වෙස් වලාගෙන ත්‍රී රෝද රථයකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් මරණයට පත්ව ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙකි.
එමෙන්ම මෙම වැඩිතැබීම අතරතුර කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකුටද වෙඩි වැදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කර ඇත. පිරිමි දරුවාගේ වයස අවුරුදු 04කි. ගැහැණු දරුවා වසය අවුරුදු 03කි. දරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් පලා ගොස් තිබේ.පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවය.







