ගිනි අවි උණ්ඩ සමග රත්මලාන කොන්ක්‍රීට් නිශ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ ඔවුන් නවාතැන් ගෙන තිබූ ස්ථානයේ ලොකර් තුළ තිබී ටී 56 ජීව උණ්ඩ 07ක්, හිස් උණ්ඩ 02ක්, ටී 56 පහුණු උණ්ඩ 01ක්, මිලි මීටර් 9 ගිනි අවි උණ්ඩ 17ක්, සහ උල් පිහි දෙකක් සොයා ගත් බවය.
සැකකරුවන් සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.







