බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යාන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුමක සිටි අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු වෛද්‍ය හේතුවක් මත හදිසියේ පෘථිවියට එති!

වසර 25කට පසු ගගණගාමීන් වෛද්‍ය හේතු මත ජාත්‍යාන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අත් හැර එන පළමු අවස්ථාව...

by editor
ජනවාරි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රාජකාරියේ නිරතව සිටි අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු, ඉන් එක් අයෙකුට බලපෑ හෙළි නොකළ බරපතල වෛද්‍ය තත්ත්වයක් හේතුවෙන් නියමිත කාලයට සති කිහිපයකට පෙර, බ්‍රහස්පතින්දා අලුයම ආරක්ෂිතව පෘථිවියට පැමිණියහ.

SpaceX Crew Dragon කැප්සියුලයකින් ගමන් කළ ගගනගාමීන් හතර දෙනා, ආදේශක කාර්ය මණ්ඩලයක් පැමිණි පසු ලබන මාසයේ නැවත පැමිණෙනු ඇතැයි මුලින් අපේක්ෂා කරන ලදී. නමුත් පසුගිය සතියේ ඔවුන්ගෙන් එක් අයෙකු සම්බන්ධයෙන් මතු වූ  වෛද්‍ය ගැටළුවක් හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉක්මනින්  පෘථිවියට  ගෙන ඒමට නාසා ආයතනය තීරණය කළේය.   වසර 25 කට පසු ගගනගාමියෙකු වෛද්‍ය හේතූන් මත  ජාත්‍යාන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් කරගත්  පළමු අවස්ථාව මෙයය.

ගගනගාමීන් සිවු දෙනා රැගත් ස්පේස්එක්ස් (SpaceX) කැප්සියුලය කැලිෆෝනියාවට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූයේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පැය 10 කට අධික කාලයක් ගතවූ ගමනකින් සහ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී ඇති වූ දැඩි තාපය සහිත ගමනාන්තයකින් පසුවය. “එන්ඩෙවර්” (Endeavour) ලෙස නම් කර ඇති මෙම කෲ ඩ්‍රැගන් (Crew Dragon) අභ්‍යවකාශ යානය පැරෂුට් ආධාරයෙන්  පැසිපික් සම්මත   වේලාවෙන්  ( PST Time) අලුයම 12:45 ට (ග්‍රිනිච් වේලාවෙන් 08:45 ට) සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ සන්සුන් මුහුදට පතිත විය. මෙම මෙහෙයුමේ අවසානය නාසා (NASA) සහ ස්පේස්එක්ස් වෙබ් අඩවි ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.

මුහුදට ගොඩ බෑ මොහොත…

යානය ජලය මත පාවෙමින් තිබියදී, අවට මුහුදේ ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙකු පිහිනමින් සිටිනු දක්නට ලැබුණි. ලොස් ඇන්ජලීස් හි පිහිටි ස්පේස්එක්ස් පාලන මධ්‍යස්ථානය අමතමින් යානයේ අණදෙන නිලධාරී නාසා අභ්‍යවකාශගාමී සේනා කාඩ්මන් (38) ප්‍රකාශ කළේ, “නැවත නිවසට පැමිණීම ගැන සතුටුයි” යනුවෙනි.

ඇය සමඟ මෙම ගමනට ඇමරිකානු අභ්‍යවකාශගාමී මයික් ෆින්ක් (58), ජපාන අභ්‍යවකාශගාමී කිමියා යුයි (55) සහ රුසියානු අභ්‍යවකාශගාමී ඔලෙග් ප්ලැටනොව් (39) එක්ව සිටියහ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

පැයකටත් අඩු කාලයකදී, ස්පේස්එක්ස් ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් කැප්සියුලය මුහුදෙන් ගොඩගෙන නැවක් මතට ඔසවන ලද අතර, සති 24 කට පමණ පසු අභ්‍යවකාශගාමීන්ට නැවුම් වාතය ආශ්වාස කිරීමට අවස්ථාව සැලසීය. ඔවුන් සියලු දෙනාම සිනහමුසු මුහුණින් පෙනී සිටි අතර, රෝගාතුරව සිටින්නේ කවුරුන්ද යන්න ඔවුන්ගේ පෙනුමෙන් හඳුනාගත නොහැකි විය.

මාස කිහිපයක් අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණය රහිතව සිටීම නිසා පෘථිවියේදී තමන්ගේම බර දරා ගැනීමට අපහසු බැවින්, ඔවුන් සිව්දෙනාම විශේෂ රෝද සහිත ඇඳන් (gurneys) මත තබා වෛද්‍ය පරීක්ෂණ සඳහා රැගෙන යන ලදී. අනතුරුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රාදේශීය රෝහලකට ගෙන යාමට නියමිතය.

මෙම සිව්දෙනාම කලින් ගෙන්වා ගැනීමට ගත් තීරණය ජනවාරි 8 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. නාසා ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් පැවසුවේ එක් අභ්‍යවකාශගාමියෙකුට වහාම වෛද්‍ය අවධානය අවශ්‍ය බරපතල තත්ත්වයක් පවතින බවයි. පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නාසා ආයතනය අදාළ පුද්ගලයා හෝ රෝගී තත්ත්වය මෙතෙක් අනාවරණය කර නොමැත.

මෙම කණ්ඩායම පසුගිය අගෝස්තු මාසයේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය අතර දින 167 ක මෙහෙයුමක් නිමා කළහ. ඔවුන් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට යානය වටා උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 3,500 (සෙල්සියස් 1,900) දක්වා ඉහළ ගියද, ඔවුන්ගේ විශේෂ ඇඳුම් මගින් ශරීර උෂ්ණත්වය පාලනය කරන ලදී.

ලබන පෙබරවාරි මැද භාගයේදී තවත් අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු රැගත් “කෲ-12” (Crew-12) මෙහෙයුම අභ්‍යවකාශගත කිරීමට නියමිතය. ( රොයිටර්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලංගොඩ කස්සප හිමි උදේ ඇරඹූ මාරාන්තික උපවාසය අත් හරිති…

Next Post

අම්ළුවාව කන්ද ආශ්‍රිතව නායේ යෑමේ අවදානමක්… නිවාස 18ක් ඉවත් කරයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.