අද (12) අළුයම මෙරටට පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වොන්ග් ඊ දහවල් දිවයිනෙන් පිටත් වී ගියේය.
චීන විදේශ ඇමතිවරයා ලංකාවට පැමිණ තිබුණේ දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පියාසර කරන අතරතුරය.
අද අළුයම 1.05 ට පමණ චීන විදේශ කටයුතු ඇමතිවරයා සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබුණේ චීනයට අයත් බෙයිජින් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.
කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි වොන් ඊ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව හා ඕෂිනියාව භාර අධ්යක්ෂ ජෙනරාල් සාවිත්‍රි පානබොක්කේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
චීන විදේශ ඇමති වොන්ග් ඊ අද කොළඹ දී විදේශ ඇමති විජිත හේරත් හමුවී තිබේ.







