දඹුල්ලට ධාරානිපාත වර්ෂාවත් සමග තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයත් කාසියේ වාසිය උරගා බැලිමට හෝ ඉඩක් නොතබා හේදි යන සියලුම ලකුණු පහළ වී ඇත.
පුංචි හෝ අපේක්ෂාවක් සහිතව තවත් පැයක් පමණ කාලයක් සිටිය හැකි බව සැබෑය. එහෙත් මේ ලියන මොහොත වනවිටත්
මුළු පිටියම ආවරණය කර තිබේ. 7.25 පමණ වන විට වර්ෂාව නතර වූයේය. ඒ අවසරයෙන් පිටියේ ආවරණ කොටසක් ඉවත් කරනු ලැබිණි. එහෙත් ඉන් ස්වල්ප වේලාවකට පසු නැවත ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පිටිය මුලුමනින්ම නැවතත් ආවරණය කරනු ලැබුවේය.








